• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුන්ගේ පරණ පව් ගෙවන්නේ අපියි – අගමැති  

1 October 2018
in දේශීය

 

එදා ණය ලබාගත්තේ අප නොවුණත්, දැන් ආණ්ඩුව බාර ගෙන තිබෙන්නේ අපි බවත් පරණ පව් ගැන කොතරම් කෑගැසුවත් මේ වගකීම අප බාරගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මේ ආර්ථිකය නැවත ගොඩනැගීම වෙන කිසිවෙකුටත් කළ නොහැකියි බවයි. ලෝකයේ බොහෝ රටවල් මේ තත්ත්වයට මුහුණපාමින් සිටින අතර එම තත්ත්වයෙන් ගොඩ ඒමට එම රටවල් පියවර ගනිමින් සිටින බවත් මෙම තත්ත්වයට මුහුණදීමේ දී බොහෝ රටවල් පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ ගත හැකි කෙටි කාලීන පියවර සම්බන්ධව බවයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 29 වනදා පුත්තලම, වනාතවිල්ලූව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේ ” මෙම ගෝලීය ආර්ථික අර්බුදය මේ වසර තුළ දී අවසන් වන්නේ නැහැ. එය ඉදිරි වසරේදීත් පවතිනවා. එම නිසා යුද්ධයක් මෙන් විටින් විට එම අර්බුදයන්ට මුහුණදීමට අපට සිදු වෙනවා. මේ සම්බන්ධයෙන් නොවැම්බර් මාසයේ දී ගත යුතු පියවර පිළිබඳව ද අප සාකච්ඡා කර තිබෙනවා. මේ තත්ත්වය රටේ ආර්ථිකයටත්, ගෙදර ආර්ථිකයටත් පොදුවේ බලපා තිබෙනවා. එම නිසා එම තත්ත්වයෙන් ගොඩ ආ යුතුයි. රට තුළත්, නිවස තුළත් උද්ගත වී තිබෙන අසහනකාරී තත්ත්වය අප නැති කළ යුතුයි. වර්තමානය වන විට විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වාසයක් ඇති වී තිබෙනවා. අපනයනය හරහා හැකි තරම් මුදල් උපයා ගැනීමට අප කටයුතු කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය, මත්ස්‍ය කර්මාන්තය, ඇඟලූම් කර්මාන්තය ආදිය හරහා අපනයන වැඩි කර ගත යුතුයි. අපනයන ආර්ථිකයක් වෙනුවෙන් රට තුළ දැනට තිබෙන යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බව අප අවබෝධ කර ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමටත්, බිංගිරිය, මාවතගම ප්‍රදේශවල වෙළෙඳ කලාප ඉදිකිරීමටත්, ඉරණවිල නව සංචාරක කලාපයක් ඇති කිරීමටත්, කල්පිටිය සහ වනාතවිල්ලූව ආදී ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත් අපි කටයුතු කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11
Previous Post

බැඩ්මින්ටන් ක්‍රීඩකයින්ගේ ගැටළුවට ඇමති මැදිහත් වෙයි

Next Post

OPPO F9 Starry Purple වෙළෙඳ පොළට

editor

editor

Next Post

OPPO F9 Starry Purple වෙළෙඳ පොළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved