• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිකිරීම් කඩිනම් කරන්න නිලධාරින්ට ඇමැති කබීර්ගෙන් උපදෙස්

6 August 2018
in සංවර්ධන

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් කඩිනමින් සිදු කරන ලෙස මහාමර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා එහි නිරික්ෂණ චාරිකාවකට එක් වු අවස්ථාවේදීය. 

මූලික සැලසුම් අනුව උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙස නම් කර ක‍්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙස නම් කර ක‍්‍රියාවට නංවන ලදි. මෙම ව්‍යාපෘතිය බස්නාහිර පළාතේ කොළඹ ප‍්‍රධාන නගරයේ සිට මධ්‍යම පළාතේ අගනගරය වන මහනුවර හා පෞරාණික වටිනාකමකින් හා ආර්ථික වැදගත්කමක් සහිත දඹුල්ල නගරය වෙත ගමනාගමන පහසුකම් දියුණු කිරීම ඉලක්ක කර ඉදිකිරීම් සිදු වේ .

ඉදිකිරීම් කාර්‍යක්ෂම ක‍්‍රියාත්මක කිරීම සඳහා කොන්ත‍්‍රාත් පැකේජ 4 ක් යටතේ එක් පැකේජයට දළ වශයෙන් කිලෝමීටර 10 ක් පමණ වන සේ වෙන් වෙන් ව කොන්ත‍්‍රාත් පිරිනමා ඇත. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මි 39.9 ක් දිවෙන අතර මීරිගම , නාකලගමුව , දම්බොක්ක , කුරුණැගලයන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන සතරකින් එම කොටස් සමන්විතය.

රුපියල් බිලියන 149 ක වියදමින් දේශීය සමාගම් වල සේවා දායකත්වය ලබා ගෙන මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙය වීම මත ඉදිකිරීම් සිදු කරන අතර මෙම ව්‍යාපෘතියේ සුවිශේෂත්වය වන්නේ මීට අදාල ආයෝජන සිදු කරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම ශ‍්‍රී ලංකා රජයේ පමණක් වීමයි. මෙම කොටසේ සම්පූර්ණ ඉදිකිරීම් සහ ඉදිකිරීම් උපදේශනය පළමු වරට ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම දේශීය ව්‍යාපාරික ආයතන සදහා ලබා දී ඇත.

මෙම නිරීක්ෂණ චාරිකාවට ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඞී.සී .දිසානායක මහතා , මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා , මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වී.මෝහන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Post Views: 7
Previous Post

ගොවින්ට හිඟයක් නැතිව වතුර දෙනවා – ඇමැති මහින්ද

Next Post

ආණ්ඩුවත් , අමෙරිකාවත් ගෝඨාභයට භයයි

editor

editor

Next Post

ආණ්ඩුවත් , අමෙරිකාවත් ගෝඨාභයට භයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved