27 April 2024
#දේශීය

ඇමැති නිමල් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ 41 වන සැසි වාරය අමතයි

පසුගිය දශකයේ ගුවන් සේවා කේෂත්‍රයේ සියලු අංශ වලින් 4.5% ක වර්ධනයක් පෙන්වීමට හැකි වූ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) වන දින කැනඩාවේ මොන්ට්‍රියල් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානයේ 41 වන සැසි වාරය අමතමිනි.

රටවල් 194 ක නියෝජිතයින් සහභාගී වන මෙම සැසි වාරය සැප්තැම්බර් 27 වන දින සිට ඔක්තෝබර් 07 වෙනිදා දක්වා මොන්ට්‍රියල් නුවරදී පැවැත්වේ.

මෙහිදී තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ 2020 වසරේ සිට උද්ගත වූ කොවිඩ් වසංගතය හේතුවෙන් ගෝලීය ප්‍රජාවට ඉතාමත් සංකීර්ණ ජීවන රටාවකට හුරු වීමට සිදු වු බවත්, විශාල ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදු වු බවයි.

මෙම කොවිඩ් බලපෑමෙන් පසුව ගුවන් සේවා කේෂත්‍රය පෙර තත්වයට පත් කිරීමට ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානය වග කිව යුතු සංවිධානයක් ලෙස ඉටු කල කාර්යභාරය සමාජික රටක් ලෙස ඉතා අගය කල අමාත්‍යවරයා ශ්‍රී ලංකාව තුල මේ වන විට ඕනෑම ප්‍රදේශයකට ඉතා පහසුවෙන් ලඟා විය හැකි අභ්‍යන්තර මාර්ග පද්ධතියක් සහ දුම්රිය මාර්ග පද්ධතියක් ඇති බවත් රටේ ඕනෑම පුරවැසියෙකුටම කි.මි. 100 ක් ඇතුලත ජාත්‍යන්තර ගුවන්තොටුපලකට ලගා විය හැකි බැවින් ඒ තුලින් ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමට හැකි බවද පැවසීය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති හර්ෂ නවරත්න මහතාද මෙම සැසියට සහභාගි විය.

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *