27 April 2024
#දේශීය

අධීකරණ ඇමැති නීතිඥ අලි සබ්රි සිය ධුරයේ රාජකාරි අරඹයි

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු අද (17) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී ආරම්භ කළේය.

එහිදි දොඩම්පහළ චන්ද්‍රසිරි, කඹුරුගමුවේ වජිර, මුරුත්තෙට්ටුවේ ආනන්ද ,මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ,බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නය ඉස්ලාම්, හින්දු, කතෝලික පුජකතුමන්ලා ආගමික ආශිර්වාද සිදු කළ අතර අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්ම මහත්මීන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාදර් මස්තාන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරිස් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, නිතිඥවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *