• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජය ලබාදුන් පොරොන්දුවලින් බහුතරයක් ඉටුකර අවසන් – රාජ්‍ය අමාත්‍ය ජානක

19 March 2024
in දේශීය, පුවත්
රජය ලබාදුන් පොරොන්දුවලින් බහුතරයක් ඉටුකර අවසන් – රාජ්‍ය අමාත්‍ය ජානක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් ලබාදුන් පොරොන්දුවලින් අති බහුතරයක් මේ වන විටත් ඉටුකර අවසන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඉදිකරමින් පවතින පාලම් 162ක වැඩකටයුතු අවසන් කර එළඹෙන අගෝස්තු මාසයට පෙර ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් ලබාදුන් පොරොන්දුවලින් අති බහුතරයක් මේ වන විටත් ඉටු කිරීමට අප සමත් වී සිටිනවා. මිලියන 16,000කට වැඩි ප්‍රමාණයක් වැයකර පාලම් 162ක් සදා නිමකරන බව අප විසින් පැවසුවා. එම පාලම්වලින් කොටසක් එළඹෙන අප්‍රේල් 10 වනදාට පෙර ජනතා අයිතියට පත් කිරීමට අප සූදානම්ව සිටිනවා. ඒ අනුව පාලම් 162ම ලබන අගෝස්තු මාසයට පෙර ජනතා අයිතියට පැවරීමට කටයුතු කරනවා. එමෙන්ම සංචාරක ආකර්ශනය සහිත ස්ථාන දියුණු කිරීම සඳහා පාළාත් පාලන ආයතනවලට ලබාදුන් රුපියල් මිලියන 1000 ව්‍යාපෘතිය ද අගෝස්තු මාසය අවසන් වීමට පෙර අවසන් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 29,000න් වැඩි ප්‍රමාණයක් ස්ථිර කර තිබෙනවා. තවත් නිලධාරීන් 2600ක ප්‍රමාණයක් ඉතිරිව සිටිනවා. පවතින පුරප්පාඩු සහිත ස්ථාන වෙනුවෙන් අයදුම් කරන ලෙස ද අප ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම වසර තුළ විශ්‍රාම යන අය වෙනුවට PL 1-2 යන කොටස් සඳහා අතිරික්ත සේවකයන් බඳවා ගැනීම සඳහා අප අවසර ලබාදී තිබෙනවා. තවද සියලුම අමාත්‍යාංශ යටතේ සිදු කරන සංවර්ධන කටයුතු ඉතාමත් කඩිනමින් අවසන් කිරීමට අප බලපොරොත්තු වනවා. පැවති අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩ එමින් තිබෙනවා. සෑම අංශයක් හරහාම ඒ බව පෙන්නුම් කරනවා. ඇතැම් පිරිස් රට යළි පැවති තත්ත්වයට ඇදදැමීමට කටයතු කරමින් සිටිනවා. එලෙස ක්‍රියාකරන කඩාකප්පල්කාරී පිරිස් සඳහා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා යැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7,344
Previous Post

හේමාස් රෝහල් ජාලය ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් HER MARCH වැඩසටහන දියත් කරයි

Next Post

සුරංගනා කතාවලට වහල් වූ දේශපාලන සංස්කෘතියට තිත තියමු – විපක්ෂනායක සජිත්

editor ttvnews

editor ttvnews

Next Post
උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂනායක සජිත්

සුරංගනා කතාවලට වහල් වූ දේශපාලන සංස්කෘතියට තිත තියමු - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved