මහියංගනය, අරාවත්ත ඔරුබැඳිවැව ප්‍රදේශයේ නිවසකදී සැමියකු විසින් එල්ල කළ වායු රයිෆල් වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ 35 හැවිරිදි තිදරු මවක ඊයේ (10) රාත්‍රියේ මහියංගනය රෝහලට ඇතුළත් කර තිබේ. බීමතින් සිටි සැකකාර සැමියා සහ බිරිඳ අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව මහියංගනය පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, පොලිසිය විසින් සිදු කළ සෝදිසි කිරීමකදී වෙඩි තැබීමට යොදාගත් වායු රයිෆලය සහ උණ්ඩ 77ක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් සිය බිරිඳට සහ දියණියට වෙඩි තබන බවට මීට පෙර තර්ජනය කර ඇති බව ද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














