ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි පැහැර හරිමින් පෞද්ගලික රෝහලක සේවයේ නිරත වීම ඇතුළු බරපතළ විෂමාචාරයන් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල්. වීරසේන සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී. සියඹලාපිටිය යන මහත්ම මහත්මීන්ගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබේ. පසුගිය අප්‍රේල් 9 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ක්‍රියාත්මක කළ වර්ජනය අතරතුර රෝහලේ සිදු වූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ පදනම මත සිදුකළ විමර්ශනයකින් පසු මෙම තීරණය ගෙන ඇත.
අදාළ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ සූතිකාගාරයේ සිටි මවකගේ දරු ප්‍රසූතිය සම්බන්ධයෙන් අවස්ථා හයකදී දුරකතනයෙන් දැනුවත් කළ ද වෛද්‍යවරුන් දෙදෙනාම රෝහලට පැමිණ නොමැති බවයි. ඒ වන විට ඔවුන් දෙදෙනා ආසන්න පෞද්ගලික රෝහලක සිසේරියන් සැත්කමක් සිදු කරමින් සිට ඇති බවත්, පසුව රජයේ රෝහලේ රාජකාරි දිනපොතේ අසත්‍ය සටහන් යොදා තමන් සේවයේ සිටි බව පෙන්වීමට උත්සාහ කර ඇති බවත් තහවුරු වී තිබේ. තමන්ට පවරන ලද වගකීම පැහැර හැරීම මෙන්ම වෘත්තීය ආචාරධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මොවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත.
වැඩ තහනම් කාලසීමාව තුළ මෙම වෛද්‍යවරුන් දෙදෙනාට රටින් බැහැර වීම තහනම් කර ඇති අතර පදිංචි ලිපිනය වෙනස් වන්නේ නම් ඒ පිළිබඳව ද දැනුම් දිය යුතු බවට සෞඛ්‍ය බලධාරීන් නියෝග කර තිබේ. රජයේ රෝහලකට පැමිණෙන රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළමින් පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවට ජනතාවගෙන් ද දැඩි ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.














