• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා එන්නත් බ්ලැක් මාර්කට් එකෙන් ගෙන ඒමට ආණ්ඩුවේ සූදානමක් ගැන මන්ත්‍රී මනුෂ කියයි

28 May 2021
in දේශීය

ලෝකයේ කිසිම රටක් චිට් ක‍්‍රමයට කොරෝනා එන්නත ලබාදී නොමැති බවත්, දේශපාලඥයින්ගේ ලයිස්තුවලට අනුව එන්නත ලබාදීමට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ලැජ්ජා විය යුතු බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශය පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (28) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේ පැවසිය. “ කොරෝනා එන්නත් ලබාදීම සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් මතුවී තිබෙනවා. එන්නත ගේ්න්න කියලා විපක්ෂනායකතුමා දිගටම පාර්ලිමේන්තුවේදී පැවසුවා. මේ එන්නත ගෙනාවොත් බෙදාහැරීමේ යාන්ත‍්‍රණය මොකක්ද කියලා ඇහුවම හමුදාවෙන් ඒවා කරනවා කිව්වා.

නමුත් එන්නත ඇනවුම් කිරීමේ තැන සිට ආණ්ඩුව අනාගෙන ඉන්නේ. ලෝකයේ අනික් රටවල් එන්නත් ලබාගැනීමට කටයුතු කළාට පස්සේ තමයි අපේ රටෙන් එන්නත ලබාගැනීමට ඇනවුම් දිරිපත් කරනේ. එතකොට මිලදී ගැනීමට එන්නත් නැහැ.

ඇස්ට‍්‍රසෙනිකා එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබාගැනීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයෙන් මුදල් වෙන් කර තිබෙනවා. ඒක ලබාගැනීමට මුදල් වෙන් කිරීමට මෙතරම් කාලයක් බලාගෙන සිටියා. දැන් මේ මුදල් වෙන් කරන්නේ ‘‘බ්ලැක් මාකට්’’ එකෙන් හරි බෙහෙත් ගන්නයි.

මෙහෙම බැලැක් මාර්කට් එකෙන් බෙහෙත් ගන්න ගියොත් ඒක බරපතල තත්වයක් බවට පත්විය හැකියි. ලෝකයේ අනික් රටවල් එන්නත් කරලා අවසන් කළාට පස්සේ තමයි අපේ රටේ එන්නත් ලබාගැනීමට කටයුතු කරන්නේ. ඒ තරම් පිටුපසින් තමයි අපි ඉන්නේ. ඒ තරම් පිටුපසින් තමයි මිනිස් ජීවිත ගැන ආණ්ඩුව කල්පනා කරන්නේ. පැණි පොවලා, මුට්ටි ගගට දාලා ජනතාව රවටන්න ආණ්ඩුව උත්සාහ ගත්තා. අද වන විට ජනතාවත් රැවටිලා, ආණ්ඩුඩවත් අර්බුදයට ගිහින්.

ලෝකයේ බොහෝ රටවල් සෞඛ්‍ය අංශය වගේ ඉදිරිපෙළ අංශවලට ප‍්‍රමුඛතාවය දුන්නා. ඊට පස්සේ වයස් ඛාණ්ඩ අනුව තමයි එන්නත් කරණය කළේ. ලෝකයේ කිසිම රටක් මේ විදියට චිට් ක‍්‍රමයට එන්නත් ලබාදුන්නේ නැහැ. වහාම ආණ්ඩුව එන්නත් ලබාදීම දේශපාලනීකරණය නොකර සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව එන්නත් කරණය කිරීමට වගබලාගත යුතුයි.

 

Post Views: 20
Previous Post

ජුනි 07 තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට ජනපතිගෙන් තීරණයක්

Next Post

ඉදිරි දිනවලදී රත්නපුර සහ යාපනය දිස්ත්‍රික්ක එන්නත්කරණයට – ඇමැතිනි පවිත්‍රා

editor

editor

Next Post

ඉදිරි දිනවලදී රත්නපුර සහ යාපනය දිස්ත්‍රික්ක එන්නත්කරණයට - ඇමැතිනි පවිත්‍රා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved