27 April 2024
#දේශීය

ඉදිරි දිනවලදී රත්නපුර සහ යාපනය දිස්ත්‍රික්ක එන්නත්කරණයට – ඇමැතිනි පවිත්‍රා

රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ලබන 30 වනදා ආරම්භ කරන බවත් ඉන්පසු යාපනය දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ලෝකයේ එන්නත් ලබා ගැනීම අති දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇති බවයි.

ලෝකයේ එකම එන්නතක් ‌හෝ ලබා නොගත් රටවල් 45 ක් තියෙන අතර ලංකාවේ දී එන්නත් ලබා දීමේ දී දිස්ත්‍රික්ක ප්‍රමුඛතා ගත කිරීමේ දී නිර්ණායකයන් කිහිපයක් පාවිච්චි කළ බව ඇය පැවසිය. එසේම දිස්ත්‍රික්ක වල හමු වු රෝගීන් සංඛ්‍යාව, මෑතකදී හමු වු රෝගීන් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව ඒ වගේම ඒ භූමියේ ස්වභාවය වැනි කාරණා සලකා බලා කුමන දිස්ත්‍රික්ක වලට එන්නත් ලබා දිය යුතු ද යන්න තීරණය කරනු ලබන බව ඇමැතිනිය අවධාරනය කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *