27 April 2024
#සංවර්ධන

මුලතිව් දිස්ත්‍රික් මූලික රෝහල, පාවට්කුලම් ප්‍රාදේශීය රෝහල් සඳහා නව ගොඩනැගිලිවල මුල්ගල් තබයි

මුලතිව් මාන්චෝලෙයි ප්‍රදේශයේ සහ වව්නියා පාවට්කුලම් ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම සෞඛ්‍ය බලධාරින්, රෝහල් කාර්‍යය මණ්ඩලය කල ඉල්ලීම මත ඒ ඒ ප්‍රදේශවල රෝහල් සඳහා අවශ්‍ය නව ගොඩනැගිලි 2 ක් ඉදි කිරීම් ආරම්භ කිරීමට ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා විසින් පසුගියදා මුල් ගල තබන ලදී.

දීර්ඝ කාලයක් පුරා මුලතිව් දිස්ත්‍රික් මූලික රෝහලට අවශ්‍යව තිබුණු වෛද්‍ය පරික්ෂණාගාරයක් සහ වව්නියා පාවට්කුලම් ප්‍රාදේශීය රෝහලට අවශ්‍යව තිබුණු භාහිර රෝගී අංශය ගොඩනැගිලි පහසුකම් නොමැතිව ඒම ප්‍රදේශයන් හී ජනතාව සහ රෝහල් කාර්‍යය මණ්ඩලය දැඩි අපහසුතාවයන්ට පත්ව සිටියේය. මේ සම්බන්ධයෙන් ගරු රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මැතිතුමා කල ඉල්ලීමකට අනුව, ISRC ස්වේච්ඡා සංවිධානයේ සම්බන්ධිකරණයෙන් කුවේට් රාජ්‍යයේ ධානපතියෙකු විසින් මෙම ගොඩනැගිලි ඉදි කිරීම මෙන්ම අවශ්‍ය උපාංග මිලදී ගැනීමට මිලියන 70ක මුදලක් පරිත්‍යාග කර ඇත.

මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, වව්නියා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, ISRC ස්වේච්ඡා සංවිධානයේ අධ්‍යක්ෂක, , වෛද්‍යවරුන්, ප්‍රාදේශිය දේශපාලන නායකයන් මෙන්ම ඒ ඒ ප්‍රදේශයන් හී ජනතාවද මෙම අවස්ථාව හා ඒක්විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *