• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් -අංක 02: ගිනි තැබූ වෑන් රථයේ තක්සේරු අලාභය ලක්ෂ 54යි පහත් තැනින් ජලය ගලා ගිය හැටි

3 July 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් -අංක 02:  ගිනි තැබූ වෑන් රථයේ  තක්සේරු අලාභය ලක්ෂ 54යි පහත් තැනින් ජලය ගලා ගිය හැටි
0
SHARES
22
VIEWS
Share on FacebookShare on Twitter
2007 ඔක්තෝම්බර් 25 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාථන මන්දිරයේ බිම් මහලේ නවතා තිබූ අංක CPNA 2613 දරණ ටොයොටා වර්ගයේ වෑන් රථය ගිනි ගෙන දැවී අළු වන අවස්ථාව වන විටත්, එකී වෑන් රථයේ යතුර ආරක්ෂක අංශ ප්‍රධාන කාර්යාලයේ යතුරු පුවරුවේ සුරක්ෂිතව තැන්පත් කර යතුරු පුවරුව අගුළු ලා තිබුණි. අදාළ වෑන් රථය නවතා තිබූ ස්ථානයට මීටර් 50ක පමණ දුරින් ආරක්ෂක නියාමක එම්. රණසිංහ බංඩා නැමැති නිලධාරියා රාජකාරියේ නිරතව සිට තිබුණි. එහෙත් සනාථන මන්දිරය දෙසින් ගින්නක් නැගෙන බව දුටු වෙනත් නේවාසිකාගාරයක රාජකාරියේ නිරතව සිටි නිලධාරියෙකු ආරක්ෂක කාර්යාලයට දැන්වීමෙන් පසුව, ඔවුන් සනාථන මන්දිරයට පැමිණෙන තෙක්ම රණසිංහ බංඩා නැමැත්තා වෑන් රථය ගිනි ගන්නා බව දැක තිබුණේ නැත. හොඳටම බීමත්ව නිදාගෙන සිට ඇති බව කියන අදාළ නිලධාරියා ඇහැරවා ඇත්තේද ප්‍රධාන කාර්යාලයෙන් පැමිණි නිලධාරියෙකු විසිනි.
ආරක්ෂක නිලධාරීන්, එම ස්ථානයට එකතු වූ සිසුන් ඇතුළු පිරිස සමග එක්ව ගිනි ගන්නා වෑන් රථය ආසන්නයේ නවතා තිබූ අනෙක් රථවාහන එම ස්ථානයෙන් ඉවත් කර ගින්න පැතිර යාම වැළැක්වීමට සමත් වුවද, ඒ වන විටත් බරපතල ලෙස ගිනි ගනිමින් තිබූ වෑන් රථය දෙස බලා සිටිනවා හැරෙන්නට වෙනත් යමක් කළ හැකිව තිබුණේ නැත. පැය කිහිපයක් ගතවන විට එම ස්ථානයේ තවදුරටත් වෑන් රථයක් ඉතිරිව තිබුණේ නැත. දැවී කළුපැහැගැන්වුණු වානේ සැකිල්ල පමණක් ඉතිරිව තිබුණි.
මහජන මුදලින් මිලදී ගත් වෑන් රථයක් අළු වී යන තෙක් කිසිවක් නොකර බලා සිටි බලධාරීන්, ඊට පසුදා උදෑසන සිට යුහුසුළුව පශ්චාත් පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කළහ. අභ්‍යන්තර පරීක්ෂණ, පොලිස් පරීක්ෂණ මෙන්ම රක්ෂණ වන්දි ලබාගැනීමේ පරීක්ෂණයන්ට අමතරව, එවකට උපකුලපති මහාචාර්ය හරිශ්චන්ද්‍ර අබේගුණවර්ධනයන් පෞද්ගලිකවම මැදිහත්වෙමින් තොරතුරු දන්නා ඕනෑම අයෙකුට තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු ලබාදීමට උපකුලපති කාර්යාලයේ කෙටි දුරකථන අංකයක් හඳුන්වා දීමටද කටයුතු කළේය. අභ්‍යන්තර පරීක්ෂණයන්ට අදාළව සනාථන මන්දිර ආරක්ෂක මුරපොලේ රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක නියාමක එම්. රණසිංහ බංඩා නොහොත් “නවරියං” නැමැත්තා වහාම වැඩ තහනමකට ලක් කරනු ලැබීය. උපකුලපති කාර්යාලයේ කෙටි දුරකථන අංකය වෙත ගලා ආ තොරතුරු මෙන්ම මූලික විමර්ශනයේදී හෙළිදරව් වූ තොරතුරු කෙස් කෙලින් කරවන සුළු වූ අතර, ඒවා ඉදිරි කොටස්වලින් කියන්නට බලාපොරොත්තු වෙමු.
Post Views: 29
Previous Post

උඩප්පුව ප්‍රදේශයේදී හමුවූ නාඳුනන මළ සිරුර හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය පතයි

Next Post

තනිකමට විසඳුමක්… මිනිස් ස්වරූපයේ රොබෝ සහකාරියක් චීනයෙන්!

Editor TTV News

Editor TTV News

Next Post
තනිකමට විසඳුමක්… මිනිස් ස්වරූපයේ රොබෝ සහකාරියක් චීනයෙන්!

තනිකමට විසඳුමක්... මිනිස් ස්වරූපයේ රොබෝ සහකාරියක් චීනයෙන්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

8 September 2026
වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

8 September 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්  සේවයේ යෙදවීම තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම්

8 September 2026
නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

8 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved