• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශේෂ ඩෙංගු මර්දන දිනයක් නම් කරයි.. ඩෙංගු අධි වසංගතයක් විය හැකියි – වෛද්‍ය අසේල

23 July 2022
in දේශීය

මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 43000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එය ජුලි මාසයේ 21 වන විට රෝගීන් 8000ක් වාර්තා වී ඇති බවත් මෙම තත්වය දිගටම පැවතුනහොත් ඩෙංගු අධි වසංගත තත්වයක් වර්ධනය විය හැකි බවට ඔහු අනතුරු ඇඟවයි.

මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා අත් සහ පා ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීම, දහවල් කාලයේ ශරීරය නිරාවරණය වන කොටස් සඳහා මදුරු විකර්ෂක භාවිතය, නිදා සිටින විට (විශේෂයෙන් ළමුන් සහ ගර්භණී කාන්තාවන්) මදුරු දැල් භාවිතය, සහ විශේෂයෙන්ම ඩෙංගු මදුරුවා බෝවන ජලය එක් රැස්වන ස්ථාන ඉවත්කර පිරිසිදුව තබා ගැනීම මගින් ඩෙංගු රෝගය ඉතා පහසුවෙන් වළක්වා ගත හැක.

කීට විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව රජයේ සහ පෞද්ගලික ආයතන, පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර, කර්මාන්ත ශාලා සහ පොදු ස්ථාන මදුරුවන් පහසුවෙන් බෝ වන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත. මේ සියලු සාධක සැලකිල්ලට ගෙන ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය සඳහා 2022 ජුලි 25 සඳුදා විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මෙදිනට සියලු රජයේ සහ පෞද්ගලික ආයතන කාර්ය මණ්ඩල පැයක කාලයක් තමා සේවය කරන ආයතනය ඇතුළත සහ බාහිර පරිසරයේ මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන විනාශ කිරීමත්, එම පරිසරය ඉදිරියට පිරිසිදුව පවත්වා ගැනීමත්, සහ වග කිව යුතු නිළධාරියකු යටතේ කමිටුවක් පත්කර ඩෙංගු මර්දන කටයුතු කළ යුතු බවත් වෛද්‍ය ගුණවර්ධන මහතා කියා සිටියේය.

ක්ෂේත්‍ර මට්ටමේ ඩෙංගු මර්දනය සඳහා අභියෝග රැසක් පවතී. වර්තමානයේ රටේ පවතින තත්වය හමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායම්වලට වැඩ බිම් සහ නිවාස පරික්ෂාව සිදුකළ නොහැකි බවත්, දුම් ගැසීම වැනි කාර්යයන් ඉතාමත් දුෂ්කර බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

Post Views: 14
Previous Post

හිටපු ඇමැති නිමල්ගේ ඉල්ලීමට ජනපතිගෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක්

Next Post

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම කඩිනම් සහ විධිමත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

editor

editor

Next Post

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම කඩිනම් සහ විධිමත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved