27 April 2024
#දේශීය

හිටපු ඇමැති නිමල්ගේ ඉල්ලීමට ජනපතිගෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක්

අල්ලස් ඉල්ලු බවට පල වු වාර්තාව පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ජපානයේ තයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේ දී මතුකරන ලද කරුණ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරන ලද ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කර වාර්තා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, විශ්‍රාමලත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙකු වූ එස්.එම්.ජී.කේ. පෙරේරා යන මහත්වරුන් පත් කර සිටී.

පරීක්ෂණ වාර්තාව මෙම ජූලි 31 දිනට පෙර තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *