විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය හෙටින් (15) අවසන් වීමට නියමිතව තිබේ. 2023 වසරේ මැයි 15 වනදා පත් කරන ලද මෙම කොමිෂන් සභාවේ අවසන් රැස්වීම අද (14) දින පැවැත්වෙන බව වාර්තා වේ. කෙසේ වෙතත්, නව සාමාජිකයින් පත් කරනු ලබන තෙක් දැනට සිටින නිලධාරීන් සිය ධුරවල කටයුතු කරනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විතව මෙම කොමිෂන් සභාව ඉදිරියේදී යළි පත් කිරීමට නියමිතය.














