නයිජීරියානු ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීමකින් පසුගිය මැයි මාසයේදී අත්අඩංගුවට ගත් මෙක්සිකානු ජාතිකයින් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් 10 දෙනෙකුට එරෙහිව එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද (10) නිල වශයෙන් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රසායනාගාරයක් පවත්වාගෙන යාම, මෙතම්පටමයින් (Meth) මත්ද්‍රව්‍ය ටොන් 2.67ක් නිෂ්පාදනය කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු චෝදනා 11ක් යටතේ ලාගෝස් (Lagos) හි ෆෙඩරල් මහාධිකරණය හමුවේ මෙම සැකකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බව නයිජීරියානු ජාතික මත්ද්‍රව්‍ය නීති බලාත්මක කිරීමේ නියෝජිතායතනය (NDLEA) පවසයි.
පසුගිය මැයි 16 සහ 18 යන දිනවල ලාගෝස් සහ ඒ අවට සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සොයාගත් මත්ද්‍රව්‍ය සහ ඒවා නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍යවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 363ක් පමණ වන බව බලධාරීහු ඇස්තමේන්තු කරති. අධිකරණය හමුවේ තමන් වැරදිකරුවන් නොවන බව සැකකරුවන් ප්‍රකාශ කර ඇති අතර, ඇප ලබාදීම සහ නඩු විභාගය සඳහා ඔවුන් ලබන ජූලි 16 සහ 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් (Cartels) නයිජීරියාව තුළ සිය ජාලයන් ව්‍යාප්ත කරමින් සිටින බවට පවතින දැඩි බිය මේ හරහා තහවුරු වන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















