• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කිසිදු මැතිවරණයක් කල් දාන්නේ නෑ -ඇමැති විජයදාස රාජපක්ෂ

26 March 2024
in දේශීය, පුවත්
කිසිදු මැතිවරණයක් කල් දාන්නේ නෑ  -ඇමැති විජයදාස රාජපක්ෂ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත්‍ කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

1994 සිට ජනාධිපතිවරණවලදි දූෂණයට එරෙහිවීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පොරොන්දු ලබාදී ඇති නමුත් ඒ කිසිවක් ඉටු නොකළ බව පෙන්වාදුන් අමාත්‍යවරයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් මේ වනවිටත් සංශෝධන ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා “පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිත නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීම ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. මෙරට පවතින නීතියට අනුව දූෂණයක් යනුවෙන් සැළකෙන්නේ කාන්තාවකට සිදුවන අතවරයක් පමණයි. නමුත් නව සංශෝධන හරහා ස්ත්‍රී පුරුෂභාවයකින් තොරව වින්දිතයෙක් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. මෙහිදී ස්වාමිපුරුෂයෙක් විසින් නීතියෙන් වෙන් වී සිටින බිරිඳකට සිදුකරන ලිංගික හිංසනය දූෂණයක් ලෙස ගැනෙනවා. පොලිස් භාරයේ, බන්ධනාගාරයේ හෝ වෙනත් අයකුගේ භාරයේ සිටින විට සිදුවන බලහත්කාරකම්වලට ලබා දෙන දඬුවම වැඩි කිරීමටත් මෙමඟින් යෝජනා කර තිබෙනවා. ඒ වගේම බාලවයස්කරුවෙක් කැමැත්තෙන් හෝ දූෂණ වරදක් සිදු කළහොත් වසර දහයක සිර දඬුවම් ලබාදීමට නීති සංශෝධනය කර තිබෙනවා. මෙම සියලු නීති සංශෝධන ඉදිරිපත් කර තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පිරිසක් එක්ව වසර හතරක පමණ කාලයක් තුළ සිදුකළ අධ්‍යයනයකින් පසුවයි. විවිධ සමාජ ක්‍රියාකාරිකයන් මේ පිළිබඳ විරෝධතා දක්වමින් සිටිනවා. සමහර පාර්ශ්ව මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙනවා. ඊට අමතරව මැතිවරණ සංශෝධන පනතක් ද මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. 1994 දී චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති අපේක්ෂිකාවක්ව පැමිණ මැතිවරණ පොරොන්දු තුනක් ලබා දුන්නා. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික ඡන්ද ක්‍රමය අවලංගු කිරීමයි. කොට්ඨාසයකට වග කියන මන්ත්‍රීවරුන් පත්කිරීමද එහිදී යෝජනා කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවස්ථා ගණනාවකදී සංශෝධනය කළත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ සංශෝධන සිදු වුණේ නැහැ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ බලතල අවම කළා. ඒ වනතුරු ජනාධිපතිවරයා මනුෂ්‍ය ඝාතනයක් සිදු කළත් නඩුවක් පැවරීමට නොහැකි මුක්තියක් ලබා සිටියා. නමුත් 19 වන සංශෝධනය මගින් එම තත්ත්වය වෙනස් කළා. මේ වන විට ජනාධිපතිවරුන් හතර දෙනකුට විරුද්ධව අධිකරණය තීන්දු ලබාදී තිබෙනවා. ඒ වගේම දූෂණයට වැට බැඳීම සම්බන්ධයෙන් නීති බලතල සහිත කොමිසමක් ද පත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ සිට පහළම නිලධාරියා දක්වා වත්කම් බැරකම් නිරීක්ෂණය කිරිමට මෙම කොමිෂන් සභාවට බලතල තිබෙනවා. එම කොමිෂන් සභාවට අදාළවත් යම් සංශෝධන කිහිපයක් මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා. දූෂණ ආක්‍රමිකතා කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරදීම එහි අරමුණයි. 1994 සිට සෑම නායකයකුම ජනාධිපතිවරණයකදී මේ සම්බන්ධයෙන් පොරොන්දු ලබා දී තිබෙනවා. නමුත් ඒ කිසිම නායකයෙක් එම පොරොන්දු ඉටුකර නැහැ. නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික මැතිවරණය ක්‍රමය හඳුන්වා දීමට මෙවර සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දියාව, එංගලන්තය, සහ ඇමෙරිකාව වැනි රටවල මැතිවරණ ක්‍රමවල අඩු ජනකොටස් නියෝජනය වන පරිදි කොට්ඨාස ක්‍රමයත් හඳුන්වා දී තිබෙනවා. සෑම ජනකොටසක්ම නියෝජනය වන පරිදි සෙනෙට් ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බව මගේද අදහසයි. පාර්ලිමේන්තු මැතිවරණයකදී දක්ෂයින්ට වඩා ජනප්‍රිය පුද්ගලයින් පාර්ලිමේන්තුවට පිවිසීම වැඩි වශයෙන් සිදුවෙනවා. නමුත් සෙනෙට් ක්‍රමයේදී ජනප්‍රිය නොවන දක්ෂ පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත් කිරීම සිදුකළ හැකියි. මේ වනවිට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන හරහා මැතිවරණ කල් දැමීමේ අදහසක් තිබෙනවා යැයි සමාජයේ යම් කතාබහක් මතුව තිබෙනවා. නමුත් මෙම සංශෝධන කිසිවක් මඟින් මැතිවරණ කල් දැමීමකට කිසිසේත්ම අපේක්ෂා නොකරන බව සඳහන් කළ යුතුයි. ඉදිරියේදී මැතිවරණ දෙකක් පැවැත්වෙනවා. එහිදී ඉදිරිපත් වන ඕනෑම අපේක්ෂකයකුට මෙම මැතිවරණ සංශෝධනය ගැන ද ඔවුන්ගේ මතය ඉදිරිපත් කළ හැකියි. එමඟින් ජනතාවට මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ද හැකියාව ලැබෙනවා යැයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,601
Previous Post

මෛත්‍රීගේ ප්‍රකාශය දේශපාලන කුමන්ත්‍රණයක් කියලා මන්ත්‍රී මරික්කාර්ට සැකයි

Next Post

ප්‍රාථමික සිසුන්ට විතරක් දිවා ආහාරය දෙන්න රජයට ලැජ්ජාවක් නැද්ද – විපක්ෂ නායක සජිත්

editor ttvnews

editor ttvnews

Next Post
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්

ප්‍රාථමික සිසුන්ට විතරක් දිවා ආහාරය දෙන්න රජයට ලැජ්ජාවක් නැද්ද - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved