• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිඳ වැට්ටවීමට කිසිවකුට හැකියාවක් නැහැ – ඇමැති ප්‍රසන්න

26 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගම්මට්ටමින් සකස්කර ඇති යාන්ත්‍රණය ඉතා ශක්තිමත් බවත් එය බිඳ වැට්ටවීමට කිසිවකුට හැකියාවක් නැති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ එබැවින් ඉදරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකදී පක්ෂය විසින් නම් කරනු ලබන නායකයකුට සහාය ලබාදී රට හදන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැලණිය ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද අදහස් පල කලේය ” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික්කයේ නැවත ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කරල තිබෙනවා. බඩුමිල අඩුනොකිරීම ඉස්මතු කරන්න දවස්වල සමහර දේශපාලන පක්ෂ උත්සාහ ගන්නවා. 2015 මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුණාම බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිකම තියාගෙන ඒ ආණ්ඩුවට විරුද්ධව මම එළියට බැහැල සටන් කළා. එතකොට අපේම සමහරු හරි හමන් තීන්දුවක් ගන්න බැරුව හිටියේ. මම සමාජයත් එක්ක ඉන්න කෙනෙක්.ඒ නිසා මට ඒ හයිය තිබුණා. මිනිස්සුන්ගෙ හැසිරීම් රටාව අනුව අපිට නැවත මහින්ද රාජපක්ෂ මහතා බලයට ගේන්න පුළුවන් කියල තේරුණා. අපි රට පුරා ගිහිල්ලා මහින්ද සුළඟ රැස්වීම් තියල ඒ මතවාදය ශක්තිමත් කළා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන් දේශපාලනය ආරම්භ කරපු මිනිස්සු. නමුත් එදා අපිට දේශපාලන කරන්න පක්ෂයක් තිබුණේ නැහැ. පංචමහා බලවේගය එකතුකරගෙන පොහොට්ටුව නිර්මාණය කළා. ඉස්සෙල්ලාම එක ග්‍රාමසේවක වසමකින් සාමාජිකයන් 20ක් එකතුකරගෙන තමයි මේ පක්ෂය හැදුවෙ. ඒ නිසා මේ පොහොට්ටුව වට්ටන්න කිසිම ජගතෙකුට බැහැ. පසුගිය ජනාධිපතිවරණයට අපි ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළා. එතුමා අවංක පුද්ගලයෙක්. කොවිඩ්19 නිසා මුළු ලෝකයේම ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒකට ලංකාවේ අපිටත් මුහුණ දෙන්න වුණා. කොවිඩ් 19 නිසා අපිට වඩා හුඟාක් දියුණු රටවල් තමන්ගේ රටේ මිනිස්සු මහපාරේ මැරෙන්න අරිනකොට අපි මිනිස්සු ගැන හිතුවා. එදා මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න රට වහන්න හැදුවා. කඩාකප්පල්කාරීන් කිව්වා රට වහන්න එපා කියල. නමුත් රට වහල මිනිස්සුන්ට එන්නත් තුනම දුන්නා. ආර්ථිකය කඩාගෙන වැටුණත් මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න අපිට පුළුවන් වුණා. කොවිඩ්19 වසංගතයෙන් රට බේරගත්තට පස්සෙ ආර්ථික අර්බුධයෙන් රට බේරගන්න කටයුතු කළා. එත⁣කොට අරගලය ආරම්භ වුණා. විදුලිය, ඉන්ධන, ගෑස් නැතුව, ගෑස් ටැංකි පුපුරල මිනිස්සු මැරෙනකොට පෝලිම් වැඩිවෙනකොට මිනිස්සු අරගලය පටන්ගත්ත. රටේ මිනිස්සු ඒ වෙලාවේ ඉල්ලුවෙ සිස්ටම් චේන්ජ් එකක්. 2019 ආණ්ඩුව බලයට පත්වුණා විතරයි 2020 කොව්ඩි අර්බුදය ඇති වුණා. මේ නිසා සම්බන්ධකම් ටික ටික අඩුවුණා. අරගලය නිසා අපේ නායකන්ට තනතුරු දාල ගියා. ඒ බයට නෙවෙයි. එදා එල්.ටී.ටී.ඊ එකට විරුද්ධව කටයුතු කළා වගේ ගෝඨාභය හිටපු ජනාධිපතිතුමා අරගලය වෙලාවේ කටයුතු කළානම් රටට විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමිවෙන්න තිබුණා. හැබැයි රට ගැනල හිතල රටේ මිනිස්සු බේරපු නායකයෙක් විදියට තමන්ගෙ තනතුරු අතහැරලා එතුමා කටයුතු කළා. අපි පක්ෂයක් විදියට යම් පීඩාවකට පත්වුණා. අපි බලාපොරොත්තු නොවිච්ච දේවල්වලට මුහුණ දෙන්න වුණා. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් අපිට, අපේ පාක්ෂිකයන්ට හිරිහැර කළා. අරගලය හේතුවෙන් වැඩිම පීඩාවකට පත්වුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු. අපේ මන්ත්‍රීවරු සියළුම දෙනාගේ ගෙවල් ගිනි තිව්වා. මගේ ගේ 77ත් ගිනි තිබ්බා. මේ පාරත් ගිනි තිබ්බා. ඒ පොහොට්ටුව විනාශකරල ‍ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන හයිය වට්ටවන්නයි. පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බේ මොනව කළාටද?. කොව්ඩි වසංගත සමයෙදි ගමේ මිනිස්සුන්ට කෑම ටික දුන්නේ, බඩු මළු ටික බෙදුවේ ඒ අයයි. ගෙවල් ගිනි තිබ්බේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. කාලකණ්නි ටිකක් සංවිධානාත්මකව එකතුවෙලා මේ වැඩේ කළේ. අද ඒ අය කෝ. අපි එළියට බැහැල වැඩකරනවා. අපිට ගහපු, අපේ ගෙවල් ගිනි තියපු අය හැංගිලා. හොඳට මතක තියාගන්න කොකාට වාරයක් එනවනම් තිත්තයටත් වාරයක් එනවා. අපි රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශපාලනය කරපු අය නෙමෙයි. එතුමාට විරුද්ධව දේශපාලනය කරපු අය අපි. රටේ සාමය හා නීතිය අස්ථාවර වන විට නීතිය සාමය ස්ථාපිත කරන්න පුළුවන් නායකයෙක් අපි හෙව්වේ. අපි හෙවුවේ රාජ්‍ය යාන්ත්‍රණය පවත්වා ගෙන යන්න පුළුවන් නායකයෙක්. අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් නායකයෙක් අපි හෙව්වේ. අකැමති වුණත් රට ගැන හිතලා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න අපි තීරණය කළේ ඒකයි. මීට වසරකට පෙර රට තිබු තත්ත්වය සහ අද රට තිබෙන තත්ත්වය ගැන බලන විට අපිට සතුටු වෙන්න පුළුවන් අපි ගත්ත තීන්දුව නිවැරදියි කියලා. අපි ඉදිරියේදි පවත්වන ඕනෑම මැතිවරණයට සූදානම්.
මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බිලිදුන්න පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. 87 88 හාමුදුරුවෝ විදුහල්පතිවරු ඝාතනය කරපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. පහුගිය දවස්වල ජනතා විමුක්ති පෙරමුණ රැල්ල දැන් නැහැ. ලපකුමාර මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න හදනවා. අනුර කුමාරට ඩීල් කුමාර කියන්නේ නිකං නෙවෙයි. ඔහු මහින්ද රාජපක්ෂ දිනවන්න උදව් කළා. අපි නැහැයි කියන්නේ නැහැ. හැබැයි යුද්ධය ඉවර කරලා රට හදපු මහින්ද රාජපක්ෂ පරද්දන්නත් ඔවුන් කටයුතු කළා. අනුර කුමාරගේ පුතා වැඩ කළේ මිහින් ලංකා එකේ. මිහින් ලංකා එක වැහෙනකොට තමන්ගෙ දරුවව එයාර් ලංකා එකට දාගන්න අනුර කුමාර මහින්ද මහත්තය එක්ක ඩීල් දැම්මා. එහෙමනම් ඩීල් නොදාපු අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන අනුර කුමාර කතා කරන්නෙ කොහොමද? මිනීමරු දේශපාලන පක්ෂයක නායකයෙක් බලයට ආවොත් තමන්ගේබලය රැක ගන්න 88/89 යුගයට වඩා මිනිස්සු මරාවි. ඒ නිසා තමයි මේ රටේ බුද්ධිමත් මිනිස්සු ඒයලා සියයට තුනේ සීමාවේ රඳවල තියෙන්නේ. අරගලය වැරදි පැත්තට යනකොට සාමයට ගරු කරන මිනිස්සු එකෙන් ඉවත් වුණා. අන්තිමට අරගලය අතට ගත්තේ ගණිකාවො, පාතාලයො, කුඩුකාරයො. කවුද? ගෝල්ෆේස් එකේ කූඩාරමේ හිටියෙ. ඒකෙ හිටපු අයට දැන් සමාජ රෝග වැළඳිලා. ගියපු අය පරිස්සම් වෙන්න. ලක් අම්මා ගැන කතාකරපු අය හිටියෙ කොහේද කියල හැමෝම දන්නවා. එයාල කරපු දේවල් මිනිස්සු දන්නවා. පිරටර සවාරි ගහන ඩීල් කුමාරලට වියදම් කරන්නෙ කවුද. ලංකාවට සල්ලි එවන්න එපා කියල පිටරට ඉන්න මිනිස්සු පෙළඹෙව්වෙ ඒ අය. ඒ කුමන්ත්‍රණකරුවො රටේ ආර්ථිකය විනාශ කළා. කවුරු කොහොම සංවිධාන හැදුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමේ හදපු සංවිධාන අදටත් ශක්තිමත්. ඒක බිඳවට්ටවන්න බැහැ. ඒ නිසා ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකදී පොහොට්ටුව නම් කරන ඕනෑම නායකයෙක් බලයට ගෙන්නල්ල, රට හදන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි ශක්තිය ලබාදෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Post Views: 0
Previous Post

මසුන් ඇල්ලීමට ගිය අයෙකු දියේ ගිලි මරුට

Next Post

කොච්චර සල්ලි තිබ්බත් සමහර මිනිස්සු හිගන්නෝ වගේ සමෘද්ධිය ගන්න එනවා – මන්ත්‍රී දුමින්ද

editor

editor

Next Post

කොච්චර සල්ලි තිබ්බත් සමහර මිනිස්සු හිගන්නෝ වගේ සමෘද්ධිය ගන්න එනවා - මන්ත්‍රී දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved