• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ සේවකයින්ගේ වැටුප් කපන්න කිසිසේත්ම අයිතියක් නෑ – පාඨලි චම්පික

11 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ඇතිවී තිබෙන ආර්ථික හා රාජ්‍ය මූල්‍ය අර්බුදයට සහමුලින් වගකිව යුත්තෙකු ලෙස රාජපක්ෂ පවුලට හෝ ආචාර්ය ජයසුන්දරට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිසේත්ම අයිතියක් මෙන්ම සදාචාරයක් ද නොමැති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (11) කොළඹ කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී වැඩි දුරටත් අදහස් පළකළ හිටපු අමාත්‍යවරයා, ” මැයි මස රාජ්‍ය සේවක වැටුපෙන් අඩක් ආණ්ඩුවට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා යෝජනා කර ඇත. දැනටමත් ස්වයං රැකියාලාභීන් බහුතරයකට කිසිදු ආදායමක් නැති අතර පුද්ගලික අංශයේ සේවකයින් බහුතරයක් ගෙදර යැවීම හා ඉතුරුව සිටින සේවකයින්ගේ වැටුප් 40%-60% ප්‍රමාණයකින් කප්පාදුවක් සිදුකර ඇත. එයට රාජපක්ෂ ආණ්ඩුවේ අනුමැතිය ද ලැබී ඇත. යහපාලන ආණ්ඩුව රජයේ සේවකයින්ට හා විශ්‍රාමිකයන්ට ලබාදුන් 2020 වැටුප් වර්ධකය හා කළමනාකරන ශ්‍රේණිවලට ලබාදුන් රු. 15,000 ඇතුළු දීමනා සියල්ල ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කප්පාදු කර ඇත. වැඩකරන ජනයා පාරට වැටෙමින් තිබුණ ද සෞභාග්‍යයේ මාවත ඔස්සේ වැඩකරන විරුවා නොකඩවා රට ගොඩනගන බව මාධ්‍යවලින් ප්‍රචාරය වේ. එකී කූඨ මාධ්‍ය ජවනිකා වලින් නොමග ගොස් නැත්තේ කොවිඩ් 19 වෛරසය පමණක් බව සිතෙන තරමට රැවටිල්ල සිදුකෙරේ.

ජයසුන්දර මහතා මේ ඉල්ලීම සති කිහිපයකට පෙර සිදුකළ විට ඔහු යටතේ සේවය කළ ඉහළ ගනයේ රාජ්‍ය නිලධාරියෙකු මා හට කීවේ පළමු ආදර්ශය ලෙස ආචාර්ය ජයසුන්දර සිය වැටුප පරිත්‍යාග කර ඇති බව ය. ඔහු තවදුරටත් කීවේ ආචාර්ය ජයසුන්දරට මහ බැංකුවේ විධායක නිලධාරියෙකු ලෙස ලැබෙන විශ්‍රාම වැටුප, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස ලැබෙන විශ්‍රාම වැටුප හා ජනාධිපති ලේකම් ලෙස ලැබෙන වැටුප ලෙස වැටුප් තුනක් තිබුණු බව ය. එයින් එකක් රට වෙනුවෙන් පරිත්‍යාග කර එතුමා රටට උතුම් ආදර්ශයක් ලබා දී ඇති සේය. නමුත් වැටුප් තුනක් ලැබීමට සෑම රාජ්‍ය සේවකයෙක්ම ආචාර්ය ජයසුන්දර මෙන් වාසනාවන්ත නැති බව එතුමන්ට අමතක වී ඇත.

අද රටේ ආර්ථික අර්බුදයක් හා රාජ්‍ය මූල්‍ය අර්බුදයක් පවත්නා බව සත්‍යයකි. ආණ්ඩුව රජයේ සේවකයින්ගේ පඩිනඩි ගෙවා ගැනීමට නොහැකි බංකොලොත් තත්වයක් ඇතිවී ඇති බව පැහැදිලිය. ලැබී ඇති තොරතුරු අනුව, 2020 පළමු කාර්තුවේදී ආණ්ඩුවට ලැබී ඇති ආදායම මෙන් තුන් ගුණයක පමණ වියදමක් දැරීමට භාණ්ඩාගාරයට සිදුව ඇත. (මෙහි ඇත්ත නැත්ත ප්‍රකාශ කිරීම භාණ්ඩාගාර ලේකම්වරයාගේ වගකීම වේ. කෙසේ වෙතත් වැඩකරන විරුවාගේ රටේ දැන් වැඩ කරන්නේ බියගම ඇති සල්ලි අච්චු ගසන මැෂිම පමණකි.)

දශකයකට අධික කාලයක් සිදුවී ඇති මහබැංකු වංචාව, මිග් ගනුදෙනුව, ඇවන්ට් ගාඩ් ගනුදෙනුව, පුත්තලම බලාගාරය, හම්බන්තොට හා කොළඹ වරාය ඉදිකිරීම්, කොළඹ වටිනා ඉඩම් විකිණීම ආදී ක්ෂේත්‍ර හා මහාමාර්ග හා දුම්රිය මාර්ග ඉදිකිරීමේදී සිදුවූ දැනට විමර්ෂණය කර ඇති වංචාවලට සම්බන්ධ ධනය රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ ගජමිතුරු ධනපතීන් රටට පූජා කරන්නේ නම් ජයසුන්දරගේ පඩි භාගේ ඉල්ලීම ගැන වැඩකරන ජනයා සලකා බලනු ඇත. එසේ නොමැතිව ධනපතීන්ට බදු සහන දෙමින්, සහගහන තෙල් බදුවලින් සිය ආණ්ඩු පක්ෂ කණ්ඩායම නඩත්තු කරන ආණ්ඩුවකට වැඩකරන ජනයාට අත තැබීමට ඉඩදිය නොහැකිය.

 

කෙසේ වෙතත් පවතින රාජ්‍ය මූල්‍ය අර්බුදයට හා ආර්ථික අර්බුදයට හේතු කවරේදැයි විමසිය යුතු වේ.

 

01. රාජ්‍ය ණය බර, විශේෂයෙන් විදේශීය ණය බර වසර 2007 – 2014 කාලයේදී උත්සන්න වීම. මෙය ණය ආපසු ගෙවීමේ අර්බුදයක් ඇති කළේය. 2015-2019 වර්ෂ වල ණය ගැනීම් වලින් 70%ක් පමණ වැය වූයේ 2007-2014 වර්ෂ වල ගත් ණය වාරික සහ පොළී ආපසු ගෙවීමට බව අමතක කල යුතු නැත. 2015-2019 කාලසීමාවේදී ආර්ථික වර්ධනය සීමා වීමටද මෙම ණය බර හේතු වූ බව කිව යුතුමය.

 

02. නව ජනාධිපතිවරයා තේරී පත්වූ වහාම සදාචාර නොවන ක්‍රම මගින් ධනය උපයන ව්‍යාපාරිකයන්ද ඇතුළුව ඇති හැකි අයට 2019 දෙසැම්බරයේ සිට දුන් බදු සහන නිසා රාජ්‍ය ආදායම 30% කින් අඩුවිය. කොරෝනාවට පෙර ඉදිරිපත් කළ එම සහන පැකේජය නිසා පළමු වරට ශ්‍රී ලංකා රජයට රටේ ණය පොළිය සහ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්වයක් උදා විය.

 

03. කොවිඩ්-19 ගෝලීය අධි වසංගතය නිසා ලෝකය පුරා ඇතිවී ඇති ආර්ථික අවපාතය හා එයින් ලංකාවේ ආර්ථිකයට එල්ල වී ඇති නරක බලපෑම, විශේෂයෙන් අන්තර්ජාතික වෙළඳාම හරහා ලැබෙන බදු ආදායම් රජයට අහිමි වෙමින් පවතියි.

 

04. ආර්ථික අවපාතයකදී හැසිරිය යුතු මූල්‍ය විනය හා ආදර්ශය ලබා නොදී රාජපක්ෂ පවුල තවදුරටත් සිය 2006 – 2014 ආර්ථික ප්‍රතිපත්ති හා ආර්ථික මංකොල්ලය ඉදිරියට ගෙනයෑමට උත්සාහ කිරීම. පඩි ගෙවීමට මුදල් නැති නමුත් කඩිමුඩියේ මාර්ග තැනීම සඳහා චීනයෙන් සහ වාණිජ බැංකු වලින් ණය ගැනීමට ජනපති ඇතුළු කැබිනට්ටුව කටයුතු කරමින් ඇත.

 

05. ආර්ථික ඝාතකයින් හා සුදු කරපටි අපරාධකරුවන් විසින් 2006 – 2014 වකවානුවේ සිදුකළ විනාශය නොතකා එකී පුද්ගලයින්ටම ආර්ථික පාලනය මුළුමනින් බාරදී දේශප්‍රේමී ආර්ථික විශේෂඥයින් කොන් කිරීම.

 

වසර 2006 – 2014 කාලයේ රාජපක්ෂ – ජයසුන්දර ආර්ථික ප්‍රතිපත්ති නිසා රටේ ආර්ථිකයට හා රාජ්‍ය මූල්‍යයට සිදුවූ විනාශය සරලව මෙසේ ගත හැකිය.

 

01. සහනදායී ණය වෙනුවට වාණිජ ණයත්, සහනදායී ද්වී – බහු පාර්ශ්වීය විදේශ ණය වෙනුවට විදේශ වාණිජ වෙළඳපොලෙන් ණය ගැනීමත්, ඒවා ආදායම් නූපදවන ආර්ථික ක්‍රියා සඳහා යෙදවීමත් නිසා ඇතිවී ඇති විදේශීය/දේශීය ණය ආපසු ගෙවීමේ අර්බුදය.

 

02. ඇති හැකි අයටම බදු සහන දෙමින් රාජ්‍ය ආදායම, ද.ජා.නි. සාපේක්ෂව 10% කට අඩු මට්ටමකට ගෙනඒම. මෙය නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති අවම අගය වන අතර රාජ්‍ය මුල්‍ය ස්ථාවරත්වය බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් විය. තවද මෙය ලොවේ කිසිදු නව ලිබරල් රටක් හෝ නොකළ, නව ලිබරල් ආර්ථික ක්‍රියාදාමයකි.

 

03. විවෘත ආර්ථිකයක තිබිය යුතු විදේශ වෙළඳාම (ආනයන අපනයන) ද.ජා.නි. සාපේක්ෂව ඉතා අවම මට්ටමකට (වසර 2000 දී 89% සිට 2014 දී 38%) ගෙනඒම මගින් 1970 තිබූ සංවෘත ආර්ථික තත්වයට රට ආපසු ගෙනයෑම.

 

04. ජාතික භෞතික සැලසුමකට අනුකූල නොවූ, නිවැරදි ශක්‍යතා අධ්‍යයන නැති, නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි නැති, ආර්ථික අතින් ප්‍රතිඵලදායක නොවන වරාය, ගුවන්තොට, ක්‍රීඩාපිටි, සම්මන්ත්‍රණශාලා, අධිවේගී මාර්ග ආදිය හරහා දැවැන්ත ධන මංකොල්ලයක් සිදු කිරීමට රාජපක්ෂ පවුලට හා ඔවුන් වටා සිටින ගජ මිතුරු ව්‍යාපාරික පන්තියකට ඉඩ සැලසීම. (2006 – 2014 යුගයේ රජයේ ප්‍රාග්ධන වියදම රු. බිලියන 3,142 ක් විය. එයින් රු. බිලියන 1,259 ක් (39%) මහාමාර්ග සඳහා යෙදවිනි. මේවායින් ආසන්නයෙන් 15% ක් දූෂණය මගින් ලබාගත්තේ නම් රටට අහිමි වූ ධනය රු. බිලියන 479 කි. එය ජයසුන්දර මහතාට මාස 6 ක් රජයේ වැටුප් ගෙවීමට ප්‍රමාණවත් වේ.) එමෙන්ම, රාජපක්ෂ පවුලේ ධනය සැඟවීම සඳහා නිර්මාණය කළ ගජමිතුරු ධනපතියන් හැරුණු විට ප්‍රාදේශීයවද, ජාතිකවද ශ්‍රී ලාංකික ව්‍යවසායදායකයා විනාශ කරලීම.

 

05. 2010 – 2014 කාලයේ ලබාගන්නා ලද දැවැන්ත වාණිජ ණය මගින් ඇතිකරන ලද ණය බුබුලෙන්ද (Credit Bubble) එයට සමාන්තරව ඇතිකළ ඉදිකිරීම් බුබුලද (Construction Bubble) නිසා ඇතිවූ විකෘති ආර්ථික වර්ධනය රට තුළ අනවශ්‍ය ඉල්ලුමක් ඇතිකිරීම. (2010 – 2014 ණයවර බුබුල ඉවත්කළ විට ආර්ථික වර්ධනය 2% කට ආසන්න වේ.) මේ වර්ධනය ලබාගත්තා යැයි කියන 7% වර්ධනය සමකළ හැක්කේ තහනම් උත්තේජක වලින් ඔලිම්පික් පදක්කම් ලබාගත් බෙන් ජොන්සන් හා මේරියන් ජෝන්ස්ගේ ජයග්‍රහණවලට පමණි. ඉදිකිරීම් බුබුල හරහා රට තුළ පරිසරය වනසන කළුගල්, වැලි, පස් ප්‍රාදේශීය ව්‍යාපාරික මාෆියාවක් ඇතිකර ඔවුන් ආණ්ඩුවේ දේශපාලන නායකයින් කරවීම (අද පොහොට්ටුවේ ප්‍රාදේශීය පදනම ඔවුන්ය)

 

06. රාජ්‍ය ණය විවිධ රාජ්‍ය ආයතන වල සැඟවීමෙන් හා උපායමාර්ගික රාජ්‍ය ආයතන අධික ලෙස පාඩු ලැබීමට සැලැස්වීමෙන් සමස්ථ බැංකු පද්ධතිය, ලංවිම, තෙල් සංස්ථාව වැනි ආයතන රටට බරක් වන තත්වයට පත්කිරීම.

 

07. භාණ්ඩාගාර බැඳුම්කර වංචාව ආරම්භ කිරීම (2008) හා කෘත්‍රිම ලෙස පොලී අනුපාත පවත්වා ගැනීම සඳහා රාජ්‍ය සංචිත භාවිත කිරීම ආදිය විසින් ලබාදුන් විෂම ආදර්ශය නිසා ණය ගැනීමද මහා වංචාවක් වීම. (මේ පිළිබඳව වැඩිදුර සංඛ්‍යා දත්ත මවිසින් ලියන ලද “ආලාපාළු ආර්ථිකය” – 2014, “මූල්‍ය අගාධයක් ඉදිරියෙන්” – 2016 සහ “ඉන්න හිතෙන රටකට” – 2019 ලබාදී ඇත.)

මේ නිසා ඇතිවී තිබෙන ආර්ථික හා රාජ්‍ය මූල්‍ය අර්බුදයට සහමුලින් වගකිව යුත්තෙකු ලෙස රාජපක්ෂ පවුලට හෝ ආචාර්ය ජයසුන්දරට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට අයිතියක් මෙන්ම සදාචාරයක්ද නැත. මේ අතර රාජපක්ෂලා ගෙවතු වගා සංදර්ශන පවත්වමින් දේශීය ආර්ථිකයක් පිළිබඳ තවත් කූඨ මාධ්‍ය සංදර්ශනයක්ද පවත්වා ගනිමින් සිටිති.

රාජපක්ෂලා වෙනුවෙන් ජයසුන්දරලා තැනූ ආර්ථික ටයිටැනික් නැව, මූල්‍ය අර්බුදය නම් පවුරේ වැදී ගිලෙමින් තිබෙනා විට රාජපක්ෂ පවුල ලොස් ඇන්ජලීස් බලා යන ප්‍රිජට් (Frigate) යුද නැවකට ගොඩවී, වැඩකරන ජනයාට හම්බන් ඔරුවලට නගින්නැයි කීම දත්කූරු කැවෙන විහිළුවක් බව ද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

 

දිලිනි සමන්මලි

Post Views: 3
Previous Post

කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීම සදහා මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක්

Next Post

මහනුවර අයගේ හැසිරීම ගැන ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට

editor

editor

Next Post

මහනුවර අයගේ හැසිරීම ගැන ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved