න්‍යෂ්ටික අත්හදාබැලීම් නතර කරන ලෙස කළ ජාත්‍යන්තර ඉල්ලීම උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර තිබේ.
න්‍යෂ්ටික අත්හදාබැලීම් තවදුරටත් සිදුකළහොත් එය වගකීම් විරහිත සහ පිළිගත නොහැකි ක්‍රියාවක් වනු ඇති බව Comprehensive Nuclear-Test-Ban Treaty සම්බන්ධයෙන් ක්‍රියාත්මක “Friends of the CTBT” කණ්ඩායමේ රටවල් ප්‍රකාශ කර තිබුණි. එම කණ්ඩායමට ඔස්ට්‍රේලියාව, කැනඩාව, ෆින්ලන්තය, ජර්මනිය, ජපානය සහ නෙදර්ලන්තය ඇතුළත් වේ.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය එය තම රටට එරෙහි “දේශපාලන ප්‍රකෝප කිරීමක්” ලෙස හඳුන්වා තිබේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අදාළ යෝජනා සමඟ සම්පූර්ණයෙන් අනුකූල වන ලෙස පියොංයැං වෙත කළ ඉල්ලීමද උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර ඇත.
මේ අතර උතුරු කොරියානු විදේශ අමාත්‍ය චෝ සොන්-හුයි පවසා ඇත්තේ තම රටේ න්‍යෂ්ටික අවි තත්ත්වය “ආපසු හැරවිය නොහැකි” බවත්, න්‍යෂ්ටික අවි අත්හැරීමට රටේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත්ය. ඇය මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය උතුරු කොරියාවේ පූර්ණ න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ තම කැපවීම යළි තහවුරු කිරීමෙන් පසුවය.














