8 September 2024
#දේශීය #පුවත්

නෝර්වේ තානාපතිනිය විපක්ෂ නායක සජිත්  හමුවෙයි

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට නෝර්වේජියානු තානාපතිනි May Elin Stener මහත්මිය සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර සුවිශේෂී හමුවක් ඊයේ (02) සිදු විය.

මෙහි දී දෙපාර්ශ්වය විසින් පවතින ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක යෙදුණු අතර මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නෝර්වේජියානු තානාපතිනියව දැනුවත් කරමින් ඉන් අත්මිදීමට සමගි ජන බලවේගයට ඇති සැලසුම් සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කළේය.

එසේම මෙම වසර මෙරට දේශපාලනයේ තීරණාත්මක වසරක් බවත් මෙම වසර තුළ තීරණාත්මක මැතිවරණයක් පැවැත්වෙන බැවින් ඒ සම්බන්ධයෙන් ඇයව දැනුවත් කිරිමට ද කටයුතු කරන ලදී. එසේම පවතින දුර්දාන්ත පාලනය අවසන් කර ජනතාවාදී ජනහිතකාමී පාලනයක් ඇති වීමෙන් පසු රට නැවත වරක් යථා තත්ත්වයට ගැනීම සඳහා සමගි ජන බලවේගය සැලසුම් කර ඇති ආකාරය ද විපක්ෂ නායකවරයා විසින් දැනුවත් කරන ලදී.

මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග නිරෝෂන් පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහත්වරු එක්විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *