• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දැන් මෙරටේ ඡන්දදායකයින් බව බුද්ධිමත් – මන්ත්‍රී රංජිත්

22 February 2024
in දේශීය, පුවත්
දැන් මෙරටේ ඡන්දදායකයින් බව බුද්ධිමත් – මන්ත්‍රී රංජිත්

මෙරට මහජනයා මුලා කරමින්, මුදල් විසි කරමින් ඡන්ද දිනාගැනීමට, රජවීමට හැකියාව ඇතැයි යම්කිසි පිරිසක් සිතා සිටිද එය හිතලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “පහුගිය දවස්වල දේශපාලන වේදිකාව පරික්ෂා කරනකොට මට කණ්ඩායම් දෙකක් හමුවුණා. එක කණ්ඩායමක සිටිනවා ජනාධිපතිවෙලා ඉන්නවා, දැන් දිවුරුම් දෙන්න විතරයි තිබෙන්නේ. තවත් කණ්ඩායමක් ඉන්නවා වෙන්ඩ ජනාධිපති. කණගාටු කාරණය තමයි මේ කිසිම කෙනෙකුටවත් මේ රටේ තිබෙන ප්‍රශ්න පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. දැන් අත්හදා බලන්න කාලයක් නැහැ. අපේ හිටපු අමාත්‍ය චම්පික රණවක මැතිතුමා බොහෝම පැහැදිලිව සති අන්තයේ පත්තරයකට කියනවා නැවත නම් ප්‍රේමදාස යුගයක් නම් අවශ්‍ය නැහැ කියලා. එතුමත් කොළඹ විශ්ව විද්‍යාලයේ වදකාගාරයේ වද බන්දනයට ලක්වුණා. අපිත් මාස 18 ක් පල්ලේකැලේ පුනරුත්තාපන ආයතනයේ පුනරුත්තාපනය වුණා. ඒ නිසා ප්‍රේමදාස යුගයක් නම් මේ රටේ අපේ පරම්පරාවේ අය නම් හිතන එකක් නැහැ. ඒ නිසා කවුරු හරි කෙනෙක් කියනවා නම් තාත්තා කරපු විදිහට කරනවා කියලා ඒ තාත්තා කරපු විදිහ මේ රටේ මිනිස්සුන්ට හොඳට මතකයි සහ ඒ විදිහ දැන් අවශ්‍ය නැහැ. ඒ නිසා අපි ඒ තාත්තා කරපු විදිහට කරන්න හිතාගෙන ඉන්න ඒ අය පිළිබඳවත් හොඳ තක්සේරුවකින් ඉන්නේ. තව කණ්ඩායමක් ඉන්නවා අපේ මාමා ජනාධිපති වෙලා කරපු දේවල් තිබෙනවා, ඒ නතරකරපු තැනක් තිබෙනවා, එතනින් එහාට මම කරගෙන යනවා. මාමා කරපු විදිහ පිළිබඳව හොඳටම කතා කරන කෙනෙක් ඉන්නවා වික්ට අයිවන් කියලා රාවය පත්තරේ කර්තෘ තුමා. එතුමා ලියලා තිබෙන ඒවා කියවලා බැලුවොත් මේ මාමා නතර කර තැනින් කරන්න කල්පනා කරන, ඉන්න අය ගැනත් හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. තව පිරිසක් ඉන්නවා ඔවුන්ට දිලා බලන්න කියනවා. හැබැයි දිලා බලපු එකක්වත් හරියට කරගන්න බැරිවෙච්ච මිනිස්සු මේ කියන්නේ. රටේ ප්‍රබල ඇමතිකම් දැරුවා. ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගත්තා. හැබැයි මිනිස්සුන්ට යමක් කරන්න නොවේ. භයානක කණ්ඩායම තමයි අපි අතරේ ඉන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ම, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අශිර්වාදයෙන්ම, මහින්ද යුගය පිළිබඳව මතක තිබුණු මිනිස්සුන්ගෙන් ජනවරමක් අරගෙන ඇවිල්ලා අද කියනවා අපි තව එකපාරක් දිලා බලමු කියලා. ඉල්ලනවා කිව්වොත් අපි උදව් කරනවා. මේ දෑත ශක්තිමත් කරන්න යන පිරිසගෙන් ප්‍රවේසම් වෙන්න ඕන. මේ පිරිස හැම අවස්ථාවකම එක කකුළයි පොදුජන පෙරමුණේ තියාගෙන හිටියේ. එය අපිට පේනවා කල්ලි කණ්ඩායම් විදිහට පිරිසක් අපෙන් වෙන්වෙලා යනකොට. මේ හැමෝටම එක අභියෝගයක් තිබෙනවා. ඒ තමයි ලබන පාර කෙසේද පාර්ලිමේන්තුවට එන්නේ කියලා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවදියෙන් ඉන්නේ. හරි වෙලාව පැමිණියාම මේ පිරිස පිළිබඳව පොදුජන පෙරමුණේ දහස් සංඛ්‍යාත පාක්ෂිකයෝ මේ පිරිසට පාඩමක් උගන්වයි. මේ කණ්ඩායම රට කරගෙන යන්න කිසිම අවබෝධයක් තිබෙන පිරිසක් නොවේ. පෙරට වඩා මේ රටේ ඡන්දදායකයින් බුද්ධිමත්. තවදුරටත් මේ රටේ මිනිස්සු මුලා කරලා සල්ලි විසි කරලා ඡන්ද දිනලා රජවෙන්න පුළුවන් කියලා කවුරුහරි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව නැතිවි තිබෙන්නේ. ඒ නිසා මේ රටේ කවුරු බලයට පැමිණියත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායිකයෝ ආරක්ෂා කරගන්න පුළුවන් කෙනෙක් බලයට පැමිණෙන්න ඕන. යම්කිසි සැලැස්මක් තිබෙන , තරුණයාගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් තිබෙන නායකයෙක් විය යුතුයි. බඩගින්න නිවන්න පුළුවන්, ස්වයංපෝෂිත ගෘහ ආර්ථිකයක් හදන්න පුළුවන් වැඩපිළිවෙළක් තිබෙන නායකයෙක් බලයට පැමිණිය යුතුයි. නොබැඳුනු විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙනියන්න පුළුවන් කෙනෙක් තමයි මේ රටේ රාජ්‍ය නායකයෙක් විය යුත්තේ. රටේ ආර්ථිකය ප්‍රසාරණය කරමින් රාජ්‍ය ආදයම වැඩිකරගන්න පුළුවන් කෙනෙක් තමයි අපි මේ රටේ රාජ්‍ය නායකයා කරන්න ඕන. අපි අහන්නේ මේ වැඩපිළිවෙල ඔබතුමාලා ලඟ තිබෙනවානම් මහජනයා ඉදිරියේ තියන්න. තැන් තැන්වල පුරසාරම් දොඩවන එක නතර කරලා. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට විශ්වාස කරනවා අපේ රටේ තිබෙන සුවිශේෂි තත්වයන්, මේ තිබෙන ගැටලු සැලකිල්ලට අරගෙන අපිට පුළුවන්කම තිබෙනවා පස් වැදෑරුම් වැඩපිළිවෙලක් වෙත යොමු වන්න. මේ ආර්ථිකය සෑම අංශයකටම බලපෑම් කරන්න පුළුවන් ක්‍රමයක් අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට යෝජනා කළයුතු වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙමුණ විදිහට අපි විශ්වාස කරනවා සාම්ප්‍රධාය තුළට නවීනත්වය කැඳවන වැඩපිළවෙලක් වෙත යායුතු බව. මේ මාධ්‍ය සාකච්ඡාව අවසන් කරන්න පෙර ඔබලාට කියන්න කැමති ඔබතුමාලාට ලොකු වගකීමක් තිබෙනවා මේවා සමාජගත කිරීම පිළිබඳව. හැමදාම මැස්සෝ වහන කුණු ගොඩවල් අවුස්සනවා වෙනුවට සබුද්ධික මිනිස්සුන්ගේ මොළවලට මේ ඇත්ත කතා කරන ක්‍රමවේදයක් හදන්න.”යනුවෙන් පාර්ලිමේන් මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 7,539
Previous Post

ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතුයි – මන්ත්‍රී පාඨලී

Next Post

කුමන බලපෑම් පැමිණිය ද දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නවත්වන්නේ නැහැ -ඇමැති ටිරාන්

editor ttvnews

editor ttvnews

Next Post
කුමන බලපෑම් පැමිණිය ද දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නවත්වන්නේ නැහැ -ඇමැති ටිරාන්

කුමන බලපෑම් පැමිණිය ද දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නවත්වන්නේ නැහැ -ඇමැති ටිරාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved