27 April 2024
#දේශීය #පුවත්

ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතුයි – මන්ත්‍රී පාඨලී

නීත්‍යානුකූලව ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ අවශ්‍යනම් පාර්ලිමේන්තු මැතිවරණයක් ද කැඳවිය හැකි බවයි. එසේම මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් වෙන් කර තිබෙන බව හෙතෙම පැවසිය.

එසේම නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධකයක් නැතැයි පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

කාලීන අවශ්‍යතාවක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිදුවුවහොත් එම අභියෝගය ද භාර ගැනීමට සූදානම් බව රණවක මහතා අවධාරණය කරයි. රටේ අර්බුදවලින් ජනතාව මුදා ගැනීම සඳහා සැමට එක්විය හැකි පොදු අවම වැඩපිළිවෙළක් අවශ්‍ය බව මන්ත්‍රී පාඨලි චම්පික මහතා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *