• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියනෑ තරු වොලිබෝල් ක්‍රිඩා පිටිය එළැඹෙන 29 වැනිදා ජනතා අයිතියට

26 March 2024
in ක්‍රීඩා, පුවත්
සියනෑ තරු වොලිබෝල් ක්‍රිඩා පිටිය එළැඹෙන 29 වැනිදා ජනතා අයිතියට

සියනෑ තරු වොලිබෝල් ක්‍රිඩා පිටිය මාර්තු මස 29 වැනිදා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

ගම්පහ මහ නගර සභාවට අයත් මඩමවත්ත සියනෑ තරු වොලිබෝල් ක්‍රීඩා පිටිය ප්‍රතිසංවර්ධන කෙරේ. ඒ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මෙහි ප්‍රතිසංවර්ධනය කටයුතු සිදු කළේය.

වොලිබෝල් ක්‍රිඩා පිටිය විවෘත කිරීමට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් අතර වොලිබෝල් ප්‍රචලිත කිරීමේ අරමුණින් රෙජී රණතුංග අනුස්මරණ කුසලාන වෝලිබෝල් තරගාවලියක්ද සංවිධානය කර ඇති අතර මාර්තු එය මස 29, 30 සහ 31 යන දිනයන්හි පැවැත්වේ.

මෙම තරගාවලිය විවෘත පිරිමි, අවුරුදු 20 පහළ බාලක බාලිකා වශයෙන් සංවිධානය කර ඇත.

ගම්පහ මහ නගර සභාවට අයත් මඩමවත්ත සියනෑ තරු වොලිබෝල් ක්‍රීඩා පිටිය නවීන අංගෝපාංගයන්ගෙන් සහ අනෙකුත් පහසුකම්වලින් ප්‍රතිසංවර්ධනය කිරීම සහ ඒ ආශ්‍රීත භූමි ප්‍රදේශය නාගරික සංවර්ධන උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස 2021 වසරේදී ආරම්භ කර ඇත.

2021 වසරේදී සියනෑ තරු ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩාංගණය ප්‍රතිසංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය සදහා ඇස්තමෙන්තු කර තිබූ මුදල රුපියල් 44,348,725.00 කි. නමුත් කොවිඩ් හා ආර්ථික අර්බුදය හමුවේ මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු අතර මඟ නතර කර තිබිණ. සියනෑ තරු වොලිබෝල් ක්‍රිඩා සමාජයේ සහ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම පරිදි මෙය ප්‍රතිසංස්කරණ කටයුතු නැවත ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව රාජ්‍ය වියදම් පාලනය කිරීමේ අයවැය චක්‍රලේකනය අනුව මෙම ව්‍යාපෘතිය එළිමහන් වොලිබෝල් ක්‍රිඩාංගනයක් බවට සංවර්ධනය කර ජනතාවට ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගත්තේය.

මෙම සියනෑ තරු ක්‍රිඩා සමාජය වසර 74ක් පමණ ඉතිහාසයකට උරුමකම් කියයි. ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ නායකයින් තිදෙනෙකු මෙම ක්‍රිඩා සමාජය හරහා බිහි කර ඇති අතර වත්මන් ජාතික වොලිබෝල් කණ්ඩායමේ නායකයාද මෙම ක්‍රිඩා සමාජයේ වීම විශේෂත්වයකි

Post Views: 9,883
Previous Post

DFCC Pinnacle Junior වෙතින් ‘Gateway Robotics Competition 2024’ තරඟාවලියට අනුග්‍රාහකත්වය ලබාදෙයි

Next Post

ජනතාවගේ ජිවන බර අඩු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනවා – රාජ්‍ය අමාත්‍ය ශාන්ත

editor ttvnews

editor ttvnews

Next Post
බැසිල් රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය ශාන්ත

ජනතාවගේ ජිවන බර අඩු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනවා - රාජ්‍ය අමාත්‍ය ශාන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved