• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපනයන ආර්ථිකයක් කරා යන ගමනේදී නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතුයි – ජනපති

24 November 2023
in දේශීය

රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (23) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 25 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි.

ඒ සඳහා නව ආයෝජකයන්ට ආරාධනා කළයුතු අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් මෙරට පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත්, දැනට පවතින කෘෂිකාර්මික පර්යේෂණ ආයතන ප්‍රතිව්‍යුහගත කර නවීකරණය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන අතර 2021/22 සහ 2022/23 මූල්‍ය වර්ෂ දෙක සඳහා ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම මෙවර සිදු විය.

සෑම මූල්‍ය වර්ෂයක් සඳහාම සමස්ත සම්මාන 13ක්, නිෂ්පාදන සහ සේවා අංශයේ සම්මාන 51ක් සමඟින් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ සම්මාන පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.
තවද, අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මත විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා මෙවර කුසලතා සම්මාන පිරිනැමීම විශේෂත්වයකි.
කුසලතා සම්මානලාභීන්ට සමරු ඵලක සහ සහතිකපත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සංකේතාත්මකව සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” පසුගිය වසර දෙක තුන තුළ අප සියලු දෙනාම ගත කළේ ඉතා දුෂ්කර හා අර්බුදකාරී කාල පරිච්ඡේදයක්. ඊට හේතුව රටේ ආර්ථික වර්ධනයක් නොතිබීමයි. වෙළඳ ශේෂය තුළ අපට වාසිදායක තත්ත්වයක් තිබුණේ නැහැ. නිදහසින් පසු ශ්‍රී ලංකාවට අපනයනය ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ගැටලුවට විසඳුම් සොයා ගැනීමට අවස්ථා 04ක් ලැබුණා. සිංගප්පූරුව, මැලේසියාව සහ දකුණු කොරියාව වැනි රටවල් 60, 70 දශකයේ මුල් භාගයේදී අපනයන ආර්ථිකය කරා යොමු වෙමින් ඔවුන්ගේ ගමන ආරම්භ කළා. නමුත් අප සමාජවාදී ආර්ථිකයකට යොමු වීම නිසා අපට එම අවස්ථාව මඟහැරුණා. එසේම 80 දශකයේ අග භාගයේ අප විවෘත ආර්ථිකයකට යොමු වුණා. ඉන් අනතුරුව යුද්ධයට මැදි වූ නිසා අපගේ අවධානය සහ සම්පත් යුද්ධය ජය ගැනීම සඳහා යෙදවීමට සිදු වුණා. එබැවින් අපට එම අවස්ථාව ද මඟ හැරුණා. ඊළඟ අවස්ථාව යුද්ධයෙන් පසුව අපට ආරම්භ කළ හැකිව තිබු නමුත් අප අවධානය යොමු කළේ වෙළඳාම් කළ නොහැකි භාණ්ඩ කෙරෙහියි. අද සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය වැනි රටවල් අපව අභිබවා ඉදිරියට ගොස් තිබෙනවා. මම හිතන්නේ මෙය අපට තිබෙන අවසාන අවස්ථාවයි. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ මෙරට තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් රට හැර ගියා. මේ අයුරින් තරුණ තරුණියන් රට හැර යාමට පටන් ගත්විට “මිනිසුන් නිවාඩුවට ගමේ යනවා” වැනි තත්ත්වයක් ඇතිවිය හැකියි. ඔවුන් ආපසු යාමට බලාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන්නට පටන් ගනීවි. ඔවුන්ගේ දෙවෙනි තුන්වෙනි පරම්පරාව කිසිදිනක ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැහැ. අප මෙම තත්ත්වය ආපසු හැරවිය යුතුයි. රට තුළ ආර්ථික පරිවර්තනයක් සිදු කරනවානම් අප විසදාගත යුතු ප්‍රශ්න දෙකක් තිබෙනවා. ඒ අයවැය හිඟය සහ වෙළඳ ශේෂය.මේ දෙක එකිනෙකට බලපෑම් කරනවා. අපි අයවැය හිඟය කෙරෙහි අවධානය යොමු කරන විට බදු ආදායම වැඩි කරගතයුතු වෙනවා. අපට මුදල් මුද්‍රණය කරන්න බැහැ. ඒ වගේම අපට පිටතින් ණය ගන්නත් බැහැ. මෙවර අයවැය තමයි අපි ණය ලබා නොගත් පළමු අයවැය.අප ණය නොගෙන වියදම් පියවා ගන්නේ කොහොමද, අපිට වැට් බද්ද වැඩි කිරීමට සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපි සියලුදෙනා විවේචනයට ලක්වෙනවා. නමුත් ඉදිරියේදී මෙය අවබෝධ කරගැනීමට හැකි වනු ඇතියි. අපි අපේ අපනයන ඉහළ නංවාගත යුතුයි. එහිද අප කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කළ යුතු වෙනවා. මෙවර අයවැයෙන් ප්‍රථම වතාවට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා මුදල් ලබා දී තිබෙනවා. මෙවායේ ඵලදායීතාව ඉහළ නැංවීම වෙනුවෙන් ජාතික ඵලදායිතා කොමිෂන් සභාව වැනි ආයතන පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. ඒවගේම ඔබට සහය වන තවත් බොහෝ ක්ෂේත්‍ර තිබෙනවා. නමුත් දැනට පවතින අපනයන ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම පමණක් මේ සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. අප නව අපනයන ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා නව ආයෝජනවලට ආරාධනා කළ යුතුයි. අනුරාධපුර යුගයේ සිටම ශ්‍රී ලංකාව කෘෂි නිෂ්පාදන අපනයනය කරනු ලබනවා. මුලින්ම සහල්, අනතුරුව කුළුබඩු, විශේෂයෙන් කුරුඳු, ඉන් පසුව තේ, රබර් සහ පොල් අපනයනය කරනු ලැබුවා. බ්‍රිතාන්‍යයන් රට හැර යන තුරුම අපි මෙය කරගෙන ආවා. නමුත් අපි තවදුරටත් කෘෂිකාර්මික භාණ්ඩවල ප්‍රධාන අපනයනකරුවා නොවෙයි. නමුත් මෙය අපට හුරු පුරුදු ක්ෂේත්‍රයක්. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන පදනම ගොඩනැඟුනේ වෙළඳාමෙන් නොවෙයි, කෘෂිකර්මාන්තයෙන්. ඒ සඳහා අපට හැකියාවක් තිබෙනවා. ඒ නිසා අප එයින් ඈත්විය යුතු නැහැ. ඔබට කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් දැන් සොයාගත හැකියි. ඒ වගේම නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට එක්වීමත් සමග තරුණ තරුණියන් ඊට එක්වනු ඇතැයි අප විශ්වාස කරනවා. කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ද මෙරට පිහිටුවීමට අප සැලසුම් කර තිබෙන අතර දැනට පවතින කෘෂිකාර්මික පර්යේෂණ ආයතන ප්‍රතිව්‍යුහගත කර නවීකරණය කිරීමට කටයුතු කරනු ලබනවා. මේ සඳහා ඔබටත් සහය විය හැකියි. මෙම කටයුතු සමඟ අප ඉදිරියට යමු කියා සියලුදෙනාට ආරාධනා කරනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ,අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්ද, ජීවන් තොණ්ඩමන් රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය, කනක හේරත්, අරවින්ද කුමාර්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. නයිමුදීන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය කිංස්ලි බර්නාඩ් යන මහත්වරුන් ද විදේශ තානාපතිවරු, රාජ්‍ය නිලධාරීන්, අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසදුම් ලබාදීම සදහා INSEE Ecocycle ආයතනය Godrej සමඟ අත්වැල් බැඳ ගනී

Next Post

අප සමඟ එක්වන්න අයට බාධා කරන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක

editor

editor

Next Post

අප සමඟ එක්වන්න අයට බාධා කරන්න එපා - පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved