27 April 2024
#දේශීය

කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් දේපලවලට අලාභ හානි සිදු කළ කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සහ තවත් පුද්ගලයෙකු අද (26) කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ පසුගිය 23 වනදා කළුතර, වර්නන් ප්‍රනාන්දු ක්‍රිඩාංගණයේ ඉබි යතුරු කඩා ක්‍රීඩාංගණයට ඇතුළුවීම සම්බන්ධයෙන් එහි කලමණාකරු විසින් කළුතර දකුණ පොලිසියට කල පැමිණිල්ලකට අදාල මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම, අයුතු ජනරාශිය සහ දේපල වලට අලාභ හානි කිරීම සම්බන්දයෙන් කළුතර මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කළුතර දකුණ පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *