27 April 2024
#දේශීය

සියළු පෙරපාසල් ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් – ඇමැතිනි පවිත්‍රා

දිවයිනේ සියළු පෙරපාසල් සෞඛ්‍ය හා විශේෂඥ උපදෙස් අනුව සියයට 50 ක ධාරිතාවයකින් ආරම්භ කිරිමට ඉඩකඩ ලැබෙන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ඇහැළියගොඩ ආසනයේ පෙරපාසල් ගූරුවරුන්ගේ ගැටළු පිළිබද සාකච්ඡා කිරිම සදහා විශේෂ හමුවක් අද දින (26) ඇහැළියගොඩ ප්‍රදේශයේ දී පැවැති අවස්ථාවේදී.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය “රට විවෘත කර අදට දවස් 45 ක් වෙනවා. රට විවෘත කිරිමත් සමග අප රටේ දෙමව්පියන්ගෙන් ලැබුනු ඉල්ලීම තමයි තමන්ගේ දරුවාට මූලික අධ්‍යාපනය ලබාදෙන පෙරපාසල් විවෘත කිරිම සදහා අවස්ථාව ලබාදෙන ලෙස. රජය ඒ පිළිබදව අවධානය යෙමු කොට, පෙරපාසල් ගුරුවරු සමග සාකච්ඡා කර තීන්දුවක් ගනු ලැබුවා පෙරපාසල් විවෘත කිරිමට අවස්ථාව සැලසීමට. ඒ අනුව සෞඛ්‍ය අංශ සහ විශේෂඥ උපදෙස් සැළකිල්ලට ගනිමින් දිවයිනේ සියළු පෙරපාසල් සියයට 50 ක පමණ ධාරිතාවයකින් විවෘත කිරිමට මින් පසු ඉඩකඩ ලැබෙනවා. පාසල් ආරම්භ කිරිමටත් බලාපොරොත්තුවක් ඉදිරියේ දී තිබෙන නිසා සෞඛ්‍ය අමාත්‍යංශය මෙම තීන්දුව ගනු ලැබුවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *