27 April 2024
#දේශීය

රාජපක්ෂලාව රකින් අලි පොහොට්ටු සන්ධානය පරාජය කල යුතුයි – විපක්ෂනායක සජිත්

රට විනාශ කළ රට බංකොලොත් කළ රාජපක්ෂලාව රකින් අලි පොහොට්ටු සන්ධානය නියත වශයෙන්ම පරාජය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(07) කෑගල්ල පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේදීය.

එහීදී ඔහු කියා සිටියේ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ මුදල් වියදම් කර කෘතීමව ව්‍යාජ රැළි නිර්මාණය ජනතාව ඇන්දවීමට තවත් පිරිසක් කටයුතු කරමින් සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් ද ජනතාව අවධානය යොමු කර ඒ රැලිවලට නොරැවටී සිටින ලෙසයි.

තමා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කළේ ජනතාවට දිගින් දිගටම එල්ල කරන පීඩනයට විරුද්ධව බවත්, ජනතාවගේ ජන ජීවිත විනාශ කරන රාජාසන කතාවලට නොරැවටී ජන ජීවිත විනාශ කර මේ පාලනයට එරෙහිව නුදුරේදීම කොළඹට ජන ගඟන් සමඟ පැමිණෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අලි පොහොට්ටු ආණ්ඩුවට කියා සිටින්නේ මේ රටේ ජනතාවට කරදර කරන්න, බදු පිට බදු නොගසන්න, විදුලි බිල වැඩි නොකර සිටින ලෙස ඉල්ලා සිටින බවත් කෙසේ හෝ මේ අලි පොහොට්ටු ආණ්ඩුව එලවා දැමීමට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

මේ රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල් පරපුරට කිසිදු ප්‍රශ්නයක් නොමැති වුවත් රාජපක්ෂලාගේ වහලුන් බවට පත් වූ ලක්ෂ 220ක් වූ ජනතාව අනාත වී ඇති බවත් මෙවන් මොහොතක ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ 2019 වගේ නැවතත් ඇන්දවීමට රැවටීමටක් නොවී සමාජ මාධ්‍ය හරහා කෘතීමව නිර්මාණය කරන සමාජ මාධ්‍ය රැළිවලට වසන් නොවී මේ රටේ සමස්ත ජනතාව ජීවත් කරවන පොදුජන යුගයකට වරම ලබා දෙන්න කියා ඉල්ලා සිටින බව ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *