27 April 2024
#දේශීය

උතුරුමැද පළාතේ පෙර පාසල් ගුරු ඩිප්ලෝමා සහතික ප්‍රදානය සිදු කෙරේ

උතුරුමැද පළාතේ පෙර පාසල් ගුරුවරියන්ගේ කුසලතා වර්ධනය කර වඩාත් ඵලදායි ලෙස දරුවන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කිරීමේ අරමුණින් ආරම්භ කළ පෙර පාසල් ගුරු භවතුන්ගේ පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවේ අනුරාධපුර දිස්ත්‍රික් පෙර පාසල් ගුරුවරියන්ගේ සහතික පත්‍ර ප්‍රදානය උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙර පාසල් 975 ක් පමණ දැනට ඇති අතර එහි ගුරුවරියන් 1690 දෙනෙකු පමණ සේවය කරනු ලබයි

අනුරාධපුර සහ පොලොන්රුව දිස්ත්‍රීක් දෙකෙහි මෙම ඩිප්ලෝමා පාඨමාලාව හැදැරූ ගුරුවරියන් 198 දෙනෙකුගෙන් අනුරාධපුර දිස්ත්‍රිීක්කයේ ගුරුවරියන් 126 දෙනෙකු සදහා මෙම ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානය සිදු කරනු ලැබීය.

මෙම පාඨමාලාව පැවැත්වීම සහ සහතික පත්‍ර ලබාදීම මුල්ළමාවිය සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලැබීය.

 

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අජන්ත ගුණවර්ධන, මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය කළමණකාර අධ්‍යක්ෂක නිලන්ත ඒකනායක, සර්වෝදය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඇතුළු පිරිසක් එක් වූහ

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *