• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

P&S සිය 200 වන අලෙවිසැල විවෘත කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂණික සේවා අවන්හල් ජාලය බවට පත් වෙයි

17 May 2023
in ව්‍යාපාර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

Perera and Sons Bakers (Private) Limited (P&S) දශක 12කට අධික කාලයක් පුරා ගුණාත්මක බවින් ඉහළ සේවාවක් සිය පාරිභෝගික ජනතාව වෙත ලබා දෙමින්, වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මෙන් ම පුළුල් ම ක්ෂණික සේවා අවන්හල් ජාලය බවට පත් වී ඇත.

පසුගිය දා සිය 200 වැනි අලෙවිසැල නුවරඑළිය ප්‍රදේශයේ දී විවෘත කිරීමට කටයුතු කළ P&S සමාගම, අලෙවිසැල්  200 ක් දක්වා සිය ජාලය පුළුල් කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එක ම ක්ෂණික සේවා අවන්හල් ජාලය යන ජයග්‍රාහී විරුදාවලිය සිය නාමය ඉදිරියේ සනිටුහන් කිරීමට සමත් විය.

වසර 120ක ඉතිහාසයකට උරුමකම් කියන  P&S සමාගම 1902 වසරේ දී ආරම්භ කරන ලද අතර, එතැන් සිට  එය ශ්‍රී ලංකාවේ ජනතාවට වඩාත් සමීප සන්නාමයක්  බවට පත් විය. දිනපතා, මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින්ට සුවිශේෂී රසයකින් හා උසස් තත්ත්වයෙන් යුතු ගුණාත්මක අහාරමය නිෂ්පාදන ලබා දෙන P&S සමාගම විසින් ප්‍රධාන පාර්ශ්වකරුවන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන්ගේ  සහභාගීත්වයෙන් යුතුව උත්සවාකාරයෙන් සිය 200 වැනි අලෙවිසැල නුවරඑළියේ දී විවෘත කෙරිණි.

Perera and Sons Bakers (Private) Limited සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ගිහාන් පෙරේරා මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් පළ කරමින්, “අපගේ සන්නාම ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන,  200 වැනි අලෙවිසැල විවෘත කිරීම පිළිබඳව සිහිපත් කරන්නේ ඉමහත් සතුටකින්. මෙම නව අලෙවිසැල මගින් අපගේ ශාඛා ජාලය පුළුල් වීම වගේ ම, නුවරඑළිය ප්‍රදේශයේ ජනතාවට අපගේ උසස් තත්ත්වයන් යුතු රසවත් නිෂ්පාදන පිරිනැමීමට ලැබීම ගැනත් අපි සතුටට පත් වෙනවා.  ශ්‍රී ලංකාව තුළ වසර 120කට අධික කාලයක් සේවා ලබා දෙමින් ලබාගත් අත්දැකීම් සමඟින්, අපි විශ්වසනීය බවින් ඉහළ ක්ෂණික සේවා අවන්හල් සන්නාමයක් බවට පත් වී තිබෙනවා. ඒ වගේ ම අප අඛණ්ඩව වර්ධනය වන විට නිෂ්පාදන හා සේවාවන්ගේ ගුණාත්මක බව ආරක්ෂා කිරීම සහ ඉහළ ප්‍රමිතියෙන් යුතු නවෝත්පාදන හඳුන්වා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙනවා.  මෙම නව අලෙවිසැල හරහා නුවරඑළියේ වගේ ම ඒ අවට පාරිභෝගික ජනතාව වෙත සේවා ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම අපගේ සාර්ථකත්වයට ශක්තියක් වෙමින්, විශ්වාසයෙන් අප හා බැඳුණු පාරිභෝගික ජනතාවට හදවතින් ම ස්තුතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

සිය සාර්ථක ව්‍යාපාරික උපාය මාර්ග පිළිබඳව උදාහරණ සපයමින්, මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමී ව නුවරඑළිය අලෙවිසැල විවෘත කිරීමට කටයුතු කළ P&S සමාගම අනාගතයේ දී සිය ජාලය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. මෙම ජයග්‍රහණය P&S සමාගමට මෙන් ම මෙරට සමස්ත ක්ෂණික ආහාර ක්ෂේත්‍රය වෙත ද ඉතා වැදගත් සංධිස්ථානයක් වන අතර, එය කොවිඩ්-19 වසංගතය නිසා බිඳ වැටුණු ව්‍යාපාරික ක්ෂේත්‍රය අභියෝග නොතකමින්, දියුණුවට සහ වර්ධනයට පත් වෙමින් පවතින බවට හොඳ ම සාක්ෂියකි.

මධ්‍යම, දකුණ, උතුරු මැද, වයඹ, සබරගමුව, ඌව සහ බස්නාහිර ආදී වශයෙන් දිවයිනේ පළාත් නවයෙන් හතක් ආවරණය කරමින් සිය සේවා ලබා දීමට සමත් වී ඇති  P&S සමාගම නුවරඑළියේ දී විවෘත කළ මෙම නව අලෙවිසැල හරහා අභියෝග ජයගනිමින් සිය මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීමට තමා සතු හැකියාව පිළිඹිබු කරන අතර,  එමගින් නව රැකියා අවස්ථා නිර්මාණය කරමින් දේශීය ආර්ථිකයට ද සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බව ද පැවසිය යුතු ම ය. 

සිය ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ නවෝත්පාදනය යන ගුණාංග සමගින් මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරන P&S සමාගම සිය පුළුල් අලෙවිසැල් ජාලය සහ විශ්වාසවන්ත පාරිභෝගික පදනම සමඟින් ශක්තිමත්ව සාර්ථක ගමනක යෙදෙන අතර, නුවරඑළිය අලෙවිසැල විවෘත කිරීමත් සමඟින් නව පාරිභෝගිකයන් වෙත සිය නිෂ්පාදන හා සේවා ගෙන යාම සඳහා සිය කැප වීම තව තවත් පුළුල් කර ඇති බව පැවසිය යුතු ම කරුණකි. 

 

 

පිටපත – PR 

Post Views: 18
Previous Post

මැලිබන් සිය අභයදාන වැඩසටහන මගින් 2533 වන ගවයා නිදහස් කරයි

Next Post

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

editor

editor

Next Post

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved