පකිස්ථාන පාලනයට යටත් කාශ්මීර කලාපයේ (Pakistan-administered Kashmir) ආරක්ෂක අංශ සහ තහනම් කරන ලද විරෝධතා කණ්ඩායමක ආධාරකරුවන් අතර අද (14) හටගත් දරුණු ගැටුම්වලින් පුද්ගලයන් නවදෙනෙකු (09) ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට නිලධාරීහු පවසති.
මෙම මස අගභාගයේදී පැවැත්වීමට නියමිත කලාපීය මැතිවරණය ඉලක්ක කරගනිමින් පනවා ඇති ආන්දෝලනාත්මක මැතිවරණ ක්‍රමවේදයකට එරෙහිව හෙට (15) දින දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්වීමට සැලසුම් කර තිබූ පසුබිමක මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී තිබේ. කලාපයෙන් බැහැරව වසන සරණාගතයන් වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ ආසන 12ක් වෙන් කිරීමට එරෙහිව මෙම විරෝධතා හටගෙන ඇති අතර, විරෝධතාකරුවන් විසින් ආරක්ෂක රථ පෙළක් වටලා ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පොලිසිය ස්වයං-ආරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත. ගැටුම්වලින් විරෝධතාකරුවන් 7 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, පසුගිය ජුනි මාසයේ සිට මේ දක්වා හටගත් නොසන්සුන්තා හේතුවෙන් මියගිය මුළු සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















