ඉරාන වරායවල් වෙත ගමන් කරන හෝ ඉරාන භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන සියලුම නෞකා සඳහා පූර්ණ නාවික අවහිරතාවක් (Naval Blockade) පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, ඉරානයට සම්බන්ධ නොවන අනෙකුත් සියලුම ජාත්‍යන්තර නාවික ප්‍රවාහන කටයුතු සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) විවෘතව පවතින බව ද ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර ඇත. ගල්ෆ් කලාපයේ පවතින දැඩි යුදමය ආතතිය මධ්‍යයේ අමෙරිකාව ගත් මෙම තීරණයත් සමඟ කලාපීය නාවික ගමනාගමනය තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.















