වසර තුනකට ආසන්න කාලයකින් පසු පලස්තීන පාපන්දු තරගාවලි යළි ආරම්භ කර තිබේ. ඒ අනුව බටහිර ඉවුර, ගාසා තීරය සහ ලෙබනනයේ පලස්තීන සරණාගත ප්‍රජාව ආශ්‍රිත සමාජ එක් කරමින් “Thousand Martyrs’ Cup” තරගාවලිය පැවැත්වෙයි.
පලස්තීන පාපන්දු සංගමයේ නිල තොරතුරු අනුව තරගාවලිය සැප්තැම්බර් 4 වැනිදා ආරම්භ කර ඇති අතර, සැප්තැම්බර් 1 වැනිදා පැවති කණ්ඩායම් අදියරේ දිනුම් ඇදීමේදී සමාජ 244ක් සහභාගී වන බව සඳහන් කර තිබේ. ගාසා තීරයේ තරග සඳහා සමාජ 50ක් සහභාගී වන අතර එම තරග ඔක්තෝබර් 3 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවද සංගමය පවසයි.
“Thousand Martyrs’ Cup” යන නාමය පලස්තීන ක්‍රීඩා ක්ෂේත්‍රයේ මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා යොදා තිබේ. පලස්තීන පාපන්දු සංගමය පවසන්නේ වසර කිහිපයක බාධාවකින් පසු පාපන්දු ක්‍රීඩාව යළි ආරම්භ කිරීම පලස්තීන ක්‍රීඩා ක්ෂේත්‍රයට නව ආරම්භයක් ලබාදීමේ පියවරක් බවයි.
















