• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරයට පෙර සිටම ආරක්ෂක මණ්ඩලය මා කැඳවූයේ නෑ

පූජිත කියයි

27 March 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරයට පෙර සිටම ආරක්ෂක මණ්ඩලය මා කැඳවූයේ නෑ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට මාස කිහිපයකට පෙර සිටම එවකට සිටි ජනාධිපතිවරයාගේ උපදෙස් මත තමන්ව ආරක්ෂක මණ්ඩල රැස්වීම් සඳහා කැඳවීම් නොකළ බව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (26) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශ කළේය. එසේ වුවද, ඉන්දීය බුද්ධි අංශ මගින් එවැනි ප්‍රහාරයක සූදානමක් ඇති බවට ලැබුණු තොරතුරු අප්‍රේල් 09 වැනිදා තමන්ට දැනගන්නට ලැබුණු විගස, මහජන කැලඹීමක් ඇති නොවන අයුරින් අවශ්‍ය පියවර ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු දැනුවත් කිරීමට කටයුතු කළ බව ඔහු සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් අවධාරණය කළේය.
තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරමින් ඔහු සඳහන් කළේ, එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සමඟ අමනාපව සිටීම මෙම සිදුවීමේ වගකීම තමන්ට සහ ආරක්ෂක ලේකම්වරයාට පමණක් පැවරීමට හේතු වූ බවයි. විශේෂයෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සිටි නිලධාරියෙකු ස්ථාන මාරු කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවකට එකඟ නොවීම නිසා ඇති වූ විරසකය මත මාස පහක පමණ කාලයක් තමන්ව ආරක්ෂක මණ්ඩලයට කැඳවීමෙන් වැළකී සිටි බවත්, රාජ්‍ය බුද්ධි සේවය සෘජුවම ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වූ බවත් ඔහු වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.
ජාතික ආරක්ෂාව බිඳවැටීමේ වගකීමෙන් දේශපාලන අධිකාරියට සහ හමුදා බුද්ධි අංශවලට මිදිය නොහැකි බව පෙන්වා දුන් හිටපු පොලිස්පතිවරයා, තමන් පොලිස්පතිවරයා ලෙස කළ හැකි උපරිම පියවර ගත් බවත් තමන්ට කිසිදු මිනීමැරීමේ චේතනාවක් නොතිබූ බවත් සඳහන් කළේය. මෙම නඩුව ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනෙන අතර, විත්තියේ සාක්ෂි ලබාදීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ලබන අප්‍රේල් 24 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කෙරිණි.
වාර්තාකරණය – අධිකරණ වාර්තාකරු
Post Views: 6
Previous Post

ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සතුරු රටවල සංචාරය කිරීම ඉරාන රජය විසින් සියලුම ක්‍රීඩා කණ්ඩායම්වලට තහනම් කරයි

Next Post

පාර්ලිමේන්තවේ නියෝජ්‍ය මහලේකම්ගේ නඩුවට කථානායක වෙනුවෙන් නීතිපති නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
පාර්ලිමේන්තවේ නියෝජ්‍ය මහලේකම්ගේ නඩුවට කථානායක වෙනුවෙන් නීතිපති නැහැ

පාර්ලිමේන්තවේ නියෝජ්‍ය මහලේකම්ගේ නඩුවට කථානායක වෙනුවෙන් නීතිපති නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ  ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

27 April 2026

රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය ජාවාරම

27 April 2026
දේශගුණික  සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය  බත්තරමුල්ලේදී විවෘත කෙරේ

දේශගුණික සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය බත්තරමුල්ලේදී විවෘත කෙරේ

27 April 2026
විදෙස්ගත ලාංකිකයින්ට  ඡන්ද අයිතිය ලබාදීමේ  විශේෂ කමිටු වාර්තාව  අමාත්‍යවරයාට භාර දෙයි

විදෙස්ගත ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීමේ විශේෂ කමිටු වාර්තාව අමාත්‍යවරයාට භාර දෙයි

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ  ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

27 April 2026

රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය ජාවාරම

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved