අයිස් කැට සඳහා නිශ්චිත පාලන මිලක් නොමැති වීම හේතුවෙන් සිය මත්ස්‍ය වෙළෙඳාම කඩා වැටීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටින බවට පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් පවසති.
මම ගැටළුවට කඩිනම් විසඳුම් ඉල්ලමින් ඔවුන් අද පෙරවරුවේ අදාළ වෙළෙඳ සංකීර්ණ පරිශ්‍රයේදී විරෝධතාවක ද නිරත වූහ. අයිස් සැපයීම සඳහා ටෙන්ඩරය ලබාගත් සමාගම විසින් මේ වනවිට ස්වකීය අවශ්‍යතා මත අයිස් මිල අත්තනෝමතික ලෙස ඉහළ දමා ඇති බවට වෙළෙඳුන් එහිදී දැඩි චෝදනා නඟා ඇත.














