අද (16) උදෑසන සිදුවූ දුම්රිය අනතුර වාර්තා වූ ස්ථානයට ආසන්න දුම්රිය මාර්ගයේ රේල් පීලිවල ඇණ ගලවා ඉවත් කළ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ පොලීසිය සමත්ව තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බවත්, ඔහු මාර්ගයෙන් ගලවන ලද එම ඇණ කිසියම් ස්ථානයකට ප්‍රවාහනය කිරීමට මැදිහත් වී ඇති බවත්ය. දුම්රිය ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කරමින් සිදුකළ මෙම ක්‍රියාවට සම්බන්ධ වී ඇති තවත් සැකකරුවෙකු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.














