අයිසිස් (ISIS) ත්‍රස්ත සංවිධානයේ දෙවන අණදෙන නිලධාරියා ලෙස සැලකෙන අබු-බිලාල් අල්-මිනුකි, අමෙරිකානු සහ නයිජීරියානු හමුදා එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඝාතනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රකාශ කර සිටියි. අප්‍රිකානු කලාපයේ සැඟවී සිටියදී ලැබුණු අතිශය රහසිගත බුද්ධි තොරතුරු මත පදනම්ව, ජනාධිපතිවරයාගේ සෘජු නියෝගය පරිදි මෙම සූක්ෂම ප්‍රහාරය එල්ල කර තිබේ. මෙම ඝාතනයත් සමඟ අබු-බිලාල් අල්-මිනුකිගෙන් අප්‍රිකානු වැසියන්ට හෝ අමෙරිකානුවන්ට එල්ල වී තිබූ බරපතළ තර්ජනය අවසන් වී ඇති බව පෙන්වා දෙන ජනාධිපති ට්‍රම්ප්, මින් ඉදිරියට ඔහුට අප්‍රිකානු ජනතාව භීතියට පත් කිරීමට හෝ අමෙරිකාව ඉලක්ක කරගත් ත්‍රස්ත මෙහෙයුම් සැලසුම් කිරීමට නොහැකි වනු ඇති බව ද අවධාරණය කළේය.














