• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෝප් කමිටුවේ අවධානය පිණිසයි – අංක 08

විජේනායක කමිටුව වැරදි සහගත තීරණයකට පේරාදෙණි පාලක සභාව පෙළඹවූ හැටි...

31 July 2026
in දේශීය, පුවත්
කෝප් කමිටුවේ අවධානය පිණිසයි – අංක 08
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නීතිඥ ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුතු, “ස්වාභාවික යුක්තියේ මූලධර්මය” පිළිබඳව නොදත් මූලික විමර්ශන කමිටුව, 2015 අගෝස්තු 06 වන දින සිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන අතර 2015 නොවැම්බර් 19 දින සිය වාර්තාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව වෙත භාරදී තිබේ. ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කර තිබෙන මෙම වාර්තාවට කමිටු සභාපති ලෙස නීතිඥ ලාල් විජේනායක සහ සාමාජිකයන් ලෙස මහාචාර්ය ආර්. එල්. විජේවීර සහ ආචාර්ය එස්. බී. ඒකනායක යන අය අත්සන් තබා ඇත.
මෙම වාර්තාවේ මාතෘකාවෙහි සඳහන්ව තිබෙන්නේ ‘THE REPORT OF THE FACT FINDING COMMITTEE’ යනුවෙනි. ඊට අනුව එම කමිටුව කටයුතු කර තිබෙන්නේ තොරතුරු සොයා බැලීමේ කමිටුවක් හෙවත් මූලික විමර්ශන කමිටුවක් ලෙසටය.
විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයට අනුව මෙන්ම රජයේ ආයතන සංග්‍රහයට අනුවද මූලික විමර්ශනයක් යනු චෝදනා එල්ල වන පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි සහ කරුණු තිබේදැයි සොයා බලා වාර්තා කිරීමේ කටයුත්තකි. ප්‍රථමයෙන්ම බැලූ බැල්මට පෙනෙන නඩුවක් තිබේදැයි සොයා බැලීමෙන් පසුව චෝදනා පත්‍රයක් ගොනු කර, විධිමත් පරීක්ෂණයක් කැඳවා, ඉදිරිපත්ව ඇති චෝදනා ඔප්පු කිරීම සිදු කළ යුතුය.
ඒ අනුව මෙම මූලික විමර්ශන කමිටුව සිය විමර්ශනයේදී මූලිකව චෝදනා 04ක් සම්බන්ධයෙන් කරුණු විමසා බලා තිබූ අතර, විමර්ශන කටයුත්ත අතරවාරයේදී ඊට එක්කෙරුණු අතිරේක පස්වන චෝදනාවක් සම්බන්ධයෙන්ද කරුණු සොයා බලා තිබුණි. ඒ අනුව ඔවුන්ගේ රාජකාරිමය වපසරිය සීමාවී තිබුණේ අදාළ චෝදනා 05 සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුද නැතිද යන්න සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීමටය.
එහෙත් මෙම මූලික විමර්ශන කමිටුව සිය 2015 නොවැම්බර් 19 දිනැති වාර්තාවෙහි 10 වන පිටුවේ ‘Observations and Recommendations’ යටතේ සටහන් කර තිබෙන්නේ, ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා චෝදනාවලට අදාළ වැරදි සිදුකර තිබෙන බව තම අදහස බවයි.
ඉන් අනතුරුව අදාළ නිලධාරියා සිය සේවයේ පරිවාස කාලය ගත කරමින් සිටින බවත්, පරිවාස කාලය ගත කරන නිලධාරියෙකුගේ සේවය හේතු දැක්වීමකින් තොරව අවසන් කිරීමට හැකි බවත් විස්තර කරන මූලික විමර්ශන කමිටුව, ඊට අදාළ නීතිමය පසුබිම සම්බන්ධයෙන්ද කරුණු දක්වමින් නිර්දේශ කර ඇත්තේ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව අදාළ නිලධාරියාගේ සේවය අවසන් කිරීමට විනය බලධාරියාට අවකාශ තිබෙන බවටය.
මෙම නිරීක්ෂණ සහ නිගමන සම්බන්ධයෙන් සලකා බැලීමේදී බැලූ බැල්මට පෙනී යන කාරණය නම්, මූලික විමර්ශන කමිටුව ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාගේ සේවය අවසන් කිරීම ඒකායන අරමුණ බවට පත්කර ගනිමින් සහ ඒ සඳහා පාලක සභාව පොලඹවමින් අදාළ නිර්දේශ ලියා තිබෙන බවය.
ඒ අනුව පැහැදිලි වන කාරණය නම්, මෙම මූලික විමර්ශන කමිටුව විචක්ෂණශීලී නොවන ක්‍රියාවක් බව මේ වන විට ඔප්පු වී තිබෙන සේවය අවසන් කිරීම සිදු කිරීම සඳහා වංක ලෙසත්, සද්භාවයෙන් තොරවත් පාලක සභාව පොලඹවමින් කටයුතු කර තිබෙන බවය.
– මතු සම්බන්ධයි
Post Views: 5
Previous Post

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

Next Post

අනුන්ගේ පාර්සල් ගේන්න එපා!

Editor TTV News

Editor TTV News

Next Post
අනුන්ගේ පාර්සල් ගේන්න එපා!

අනුන්ගේ පාර්සල් ගේන්න එපා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක්  සීනි දෙන්න පරිස්සම් වන්න

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක් සීනි දෙන්න පරිස්සම් වන්න

31 July 2026
මානව ජාවාරම් මර්දනයට  ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව  ආරක්ෂක ලේකම්  අවධාරණය කරයි

මානව ජාවාරම් මර්දනයට ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව ආරක්ෂක ලේකම් අවධාරණය කරයි

31 July 2026
උතුරු මැද පළාත්  මලල ක්‍රීඩා තරගාවලියේදී  තිරප්පනේ පසන් චමෝද්ගෙන්  නව උස පැනීමේ වාර්තාවක්

උතුරු මැද පළාත් මලල ක්‍රීඩා තරගාවලියේදී තිරප්පනේ පසන් චමෝද්ගෙන් නව උස පැනීමේ වාර්තාවක්

31 July 2026
ළහිරු උදාරගේ විශිෂ්ට ශතකයෙන්  කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට  සුපිරි ජයක්

ළහිරු උදාරගේ විශිෂ්ට ශතකයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට සුපිරි ජයක්

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක්  සීනි දෙන්න පරිස්සම් වන්න

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක් සීනි දෙන්න පරිස්සම් වන්න

31 July 2026
මානව ජාවාරම් මර්දනයට  ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව  ආරක්ෂක ලේකම්  අවධාරණය කරයි

මානව ජාවාරම් මර්දනයට ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව ආරක්ෂක ලේකම් අවධාරණය කරයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved