හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද (ජූලි 03) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක නිලධාරියෙකු ලෙස බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් වෙනස් කිරීම සහ ඉන් අනතුරුව රාජ්‍ය මුදල් අවභාවිත කරමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ජූනි 16 සහ 22 යන දිනයන්හිදී අල්ලස් කොමිසම වෙත කැඳවනු ලැබුවද, ඔහු මීට පෙර එම කොමිසම හමුවේ පෙනී සිට තිබුණේ නැත. මීට පෙර, මෙම සිද්ධියට සම්බන්ධයෙන්ම යෝෂිත රාජපක්ෂ මහතාද පසුගිය ජූනි 17 වන දින අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරිනු ලැබීය.
















