• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඕන දේකට මම සුදානම් – ෆිල්ඩ් මාර්ෂල් සරත් CIDයෙන් පිටව යන විට කියයි

25 September 2018
in දේශීය

යුද්ධයට බාහිරව සිදු වු අපරාධ ගැන වගකීම බාර ගැනීම යුද හමුදාපතිටට බැරි බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද(24) ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පිට වු අවස්ථාවේදී මාධ්‍යවේදින් වෙත අදහස් දක්වමින්.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යවරයාගෙන් පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.

2008 වසරේදී මාධ්‍යෙව්දී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් විභාග වන අතර එම සිදුවීමට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් පසුගිය 12 වනදා පැය හතරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් අතර කීත් නොයාර් පැහැරගැනීමට ලක්වූ 2008 වසරේ යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

එම අවස්ථාවේදී ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඇතැම් මාධ්‍ය වේදීන් යුද්ධය සම්බන්ධ පුවත් වාර්තා කිරීම් කල අතර යුද්ධයට විරුද්ධව ලිපි පල කළා. එම මාධ්‍ය වාර්තා යුධ හමුදාවට බලපෑමක් නොවුනද එවකට රජය සමඟ තිබුණ ප්‍රශ්ණ මත තමයි ඒ සියල්ල සිදු වුයේ බවයි. එසේම තමාව විවිධ චෝදනාවලට වැරදිකරුවෙකු කිරීමට ගෝඨාභය රාජපක්ෂ සැලසුම් කර තිබු බවත් ඉදිරියටත් එවැනි දේ සඳහා තමා සුදානම් බව ෆොන්සේකා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

රුපියල කඩා වැටීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි ….! මේ ආණ්ඩුවට දිගුකාලීන සැලසුම් නෑ … – ජවිපෙ අනුර

Next Post

රුපියල අවප්‍රමාණය වීමට රජය සාර්ථකව මුහුණ දුන් බව මුදල් ඇමැති කියයි

editor

editor

Next Post

රුපියල අවප්‍රමාණය වීමට රජය සාර්ථකව මුහුණ දුන් බව මුදල් ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved