• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පිලිප් ගුණවර්ධන 51 වන ගුණසමරුව ජනපති ප්‍රධානත්වයෙන්

30 March 2023
in දේශීය

මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණසමරු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (29) පස්වරුවේ පැවැත්විණි.

පිලිප් ගුණවර්ධන පදනම් භාරයේ සභාපති, පිලිප් ගුණවර්ධන මුණුපුරු යදාමිනී ගුණවර්ධන මහතා විසින් පිළිගැනීමේ කතාව සිදුකරමින් අරමුණ පැහැදිළි කළේය.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සහ ඉතිහාසඥ, කලා ශාස්ත්‍රීය විශාරද හා ජාත්‍යන්තර චිත්‍රපට සම්මානලාභී ආචාර්ය සිංහරාජ තම්මිට්ට දෙල්ගොඩ යන මහත්වරු විසින් ගුණ සමරු උත්සවයේ ප්‍රධාන දේශන සිදු කළහ.

පිලිප් ගුණවර්ධන මහතාගේ ජීවන ගමන අළලා සැකසු කෙටි චිත්‍රපටයක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, පිලිප් ගුණවර්ධන මහතා වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක් එළි දැක්වීමද සිදු කෙරිණි.

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ඇල්ගේ ගුණවංශ හිමි, බෙල්ලන්විල රජ මහා විහාරධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා දේවී වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ගීතා කුමාරසිංහ, ඩී.බී. හේරත්, අනුප පැස්කුවල්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, වජිර අබේවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, දුමින්ද දිසානායක, රවුෆ් හකීම්, එස් .එම්. චන්ද්‍රසේන, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, රෝහිත අබේගුණවර්ධන, ඉම්තියාස් බාකිර් මාකර්, රංජිත් මද්දුමබණ්ඩාර, ගෙවිඳු කුමාරතුංග, යදාමිණි ගුණවර්ධන, යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු ද, තානාපතිවරු ආණ්ඩුකාරවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 5
Previous Post

2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්‍ෂණ දැනුමෙන් සන්නද්ධ විය යුතුයි – ජනපති

Next Post

මාතලේ සුනඛ ගහනය පාලනයට වන්ධ්‍යාකරණ වැඩසටහනක්

editor

editor

Next Post

මාතලේ සුනඛ ගහනය පාලනයට වන්ධ්‍යාකරණ වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved