• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වතුකම්කරුවන්ට දාහේ වැටුප කොහොමහරි දෙනවා … ඇමැති නිමල් දැඩි තීන්දුවක

15 March 2021
in දේශීය

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙනත් හෝ එය යථාර්ථයක් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) කම්කරු අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වතු කම්කරු ජනතාවටරජය ලබාදුන් රුපියල් දහසේ වැටුපට එරෙහිව වතු සමාගම් අධිකරණය ඉදිරියට ගියේ වතු කම්කරු ජනතාවට ලබාදුන් සහනය කම්කරු ජනතාවගේ අතට පත් කිරීම ප්‍රමාද කිරීමට බවයි.

නමුත් අධිකරණය රජයේ තීරණයට සාධාරණය ඉටු කරන බවට විශ්වාසයක් පවතින බව ද හෙතෙම පැවසිය.

යම් කිසි ගැටලුවක් මතු වුණ හොත් පාර්ලිමේන්තුවට පනතක් ගෙනත් හෝ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 කිරීමට රජය ගත් තීරණය යථාර්තයක් බවට පත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එහීදි වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය “වතු කම්කරුවන්ට රුපියල් දහසේ දෛනික වැටුප් ඒ ඉල්ලීම් ඉදිරිපත් කළේ 2015 දී.නමුත් එය යථාර්ථයක් කිරීමට හැකි වූයේ අපේ රජයටයි.මේ සඳහා සාකච්ඡා වාර 12 ක් පැවැත්වුවත්,සමාගම් වලට සහ වෘත්තීය සමිති වලට එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම නිසා අවසානයේ අපට පඩි පාලක සභාවලට යාමට සිදුවුණා. එහිදී වැඩි ඡන්දෙන් ගත් තීරණය ද කඩාකප්පල් කිරීමට වතු සමාගම් කටයුතු කරත් අවසානයේ එය අපට ගැසට් නිවේදනයක් මගින් තහවුරු කර තහවුරුකර වතු ජනතාවට දෛනික වැටුප රුපියල් දහසක් බවට පත් කිරීමට හැකියාව ලැබුණා.දැන් ඒකටත් විරුද්ධව වතු සමාගම් අධිකරණය හමුවට ගිහිල්ලා තියනවා.වතු සමාගම් විසි දෙකෙන් වතු සමාගම් දෙකක් මෙම වැටුප ගෙවීමට එකඟ වී ඇත.අධිකරණයට ගොස් ඇත්තේ අනිත් වතු සමාගම් විස්සයි.මෙම වතු අයිති රජයටයි.ජනතාවටයි.මෙම වතු එම සමාගම්වලට දුන්නෙ බද්දට යි.එම නිසා රජයේ තීරණයට යටත්ව කටයුතු කිරීමට එම වතු සමාගම් වලට වගකීමක් තියෙනවා යැයි මත නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවට අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද සහභාගි වූහ.

Post Views: 15
Previous Post

මහජන චීන බැංකුව යුවාන් බිලියන 10 ක මුදල් ඒකක හුවමාරුව අනුමතයි

Next Post

දේශීය ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සැලසුම්ගත වැඩපිළිවෙළක් – ජනපති කියයි

editor

editor

Next Post

දේශීය ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සැලසුම්ගත වැඩපිළිවෙළක් - ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved