27 April 2024
#දේශීය

මහජන චීන බැංකුව යුවාන් බිලියන 10 ක මුදල් ඒකක හුවමාරුව අනුමතයි

මහජන චීන බැංකුව ශ්‍රී ලංකාව සමඟ යුවාන් බිලියන 10 ක අන්තර් මුදල් ඒකක හුවමාරුවක් (Currency Swap) අනුමත කර ඇති බව බිජිං ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ප්‍රකාශ කළේ, මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විශ්වසනීයභාවය පිළිබඳ ප්‍රකාශනයක් බවත්, එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරමින් අනාගත ආයෝජකයින් දිරිගැන්වනු ලබන බවත්ය.

මෙම පිළිබඳ විධිමත් කටයුතු දුරස්ථ ලෙස අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහ බැංකුව සහ මහජන චීන බැංකුව විසින් දරන ලද උත්සාහය ද කෙහොන මහතාතා විසින් අගය කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *