පූනෑව, මහකුඹුගොල්ලෑව වාරක්කෑව හන්දියේදී යතුරුපැදියක පිටුපස ලංගම බස් රථයක් ගැටීමෙන් අද (18) උදෑසන 07:20 ට පමණ සිදුවූ අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියේ ගමන් ගත් ඇය අනතුරත් සමඟ එම බස් රථයටම යටවීමෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පහළ ගල්කන්දේගම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස කටයුතු කළ, මහකුඹුගොල්ලෑව, පූනෑව ලිපිනයේ පදිංචිව සිටි 56 හැවිරිදි චම්පා ශ්‍රියානි සුභසිංහ නමැති අයෙකි. ආරක්ෂාකාරී රිය පැදවීමක් තුළින් මාර්ග අනතුරු ප්‍රමුඛ කොටගත් සමාජයක් බිහිකිරීමට සැවොම වගබලා ගතයුතු බව පොලිසිය සිහිපත් කරයි. අනතුර සම්බන්ධයෙන් පූනෑව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















