මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීතිවිරෝධී ලෙස උපයා ගත් මුදල්වලින් මිලදී ගන්නා ලද කටුවාවල, දිවුල්පිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 10ක ඉඩම සහ දෙමහල් නිවස දින 7ක කාලයකට තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කෙරුණි.
පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක මත්ද්‍රව්‍ය ජාවාරම් මඟින් නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කළ දැනුම්දීමකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව, අදාළ දේපළ ඉකුත් 17 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙලෙස අත්හිටුවා තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඉකුත් මැයි 21 වන දින අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය, හෙට (19) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















