‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ටොන් 10කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. මහනුවර දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව, පසුගිය වසරේ ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ආරක්ෂක අංශ විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,100කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 1,950කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම ගංජා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5,800කට ආසන්න ප්‍රමාණයක්, කොකේන් කිලෝග්‍රෑම් 280කට අධික ප්‍රමාණයක් සහ මත්පෙති 1,736,349ක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව එහිදී වැඩිදුරටත් අනාවරණය විය.
















