කැලණිය විශ්වවිද්‍යාලයේ 91/92 අධ්‍යයන වර්ෂවල ආදි සිසුන් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සුහද හමුව මෙවර කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේදී පවත්වා ඇති අතර, ඊට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් සහභාගී වී නොමැති බව වාර්තා වේ.
පසුගිය වසරේ පැවැති සුහද හමුවට ජනාධිපතිවරයා සහභාගී වී තිබුණද, මෙවර රාජ්‍ය නායකයන් දෙදෙනාම සහභාගී නොවීම විශේෂත්වයකි. මෙම අවස්ථාවට සහභාගී වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා පමණක් බව සඳහන් වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද 91/92 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකි. ඔහු බලයට පත්වීමෙන් පසු ජනාධිපති ලේකම් ඇතුළු රජයේ ප්‍රධාන තනතුරු රැසකට සිය සරසවි සමකාලීනයන් පත් කරනු ලැබීම පසුගිය කාලසීමාව තුළ සමාජය තුළ දැඩි කතාබහට ලක්විය.














