දිට්වා (Ditwa) ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව නිවාස අහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් රජය මගින් ලබාදෙන නිවාස කුලී සහනාධාරය තවත් මාස තුනක කාලයකින් දීර්ඝ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. මෙම තීරණයත් සමඟ නිවාස අහිමි වූ පවුල් සඳහා සිය ස්ථිර නිවාස ප්‍රතිසංස්කරණය කරගන්නා තෙක් හෝ නව නිවාස ලැබෙන තෙක් තාවකාලිකව නවාතැන් ලබාගැනීම සඳහා තවදුරටත් රජයේ මූල්‍ය සහාය හිමිවනු ඇත. පීඩාවට පත් ජනතාවගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය දක්වන අඛණ්ඩ මැදිහත්වීම මෙහිදී වඩාත් පැහැදිලි වෙයි.















