27 April 2024
#දේශීය

පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවට ජනපති අනුරාධපුරෙන් එක්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අද(03) අනුරාධපුරයේදී එක්වෙයි.

මහ මැතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කරනු පිණිස ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට සහභාගී වෙයි.

ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් අද දවස පුරා දිස්ත්‍රික්කය තුළ සංවිධාන කර ඇති ජනහමු කිහිපයක් පැවැත්වේ.

ඒ අනුව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා , වීරසේන ගමගේ මහතා, ටී.එම්.ආර්. සිරිපාල මහතා, හිටපු රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා, එච්. නන්දසේන මහතා , සරත් කුමාරසිරි මහතා , මහාචාර්ය චන්න ජයසුමන මහතා , උද්දික ප්‍රේමරත්න මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා යන අයගේ ජනහමුවලට සහභාගී වීට නියමිතයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *