• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කිරීමට ජනපති නියෝග කරයි

27 July 2020
in සංවර්ධන

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍ය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියම කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

වන්දි ගෙවීමේ ගැටළු නිසා කොළඹ සිට කරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් අඩාල වී තිබෙන අතර ඊට කඩිනමි විසඳුම් දී අධිවේගී මාර්ගය තනා නිම කරන්නැයි ජනාධිපතිවරයා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (27) දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් මාවතගම, මහජන පොළ භූමියේ පැවති ජන හමුවේ දීය.

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ඉල්ලීමට අවධානය යොමු කළ ජනාධිපතිවරයා පාසල් වෑන් රථවලට ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ප්‍රදානයට එකඟතාව පළ කළේය.

නිදහස්ගම විද්‍යාදීප සහ දේවාපොළ කුමර යන විද්‍යාලවල ක්‍රිඩාපිටි ප්‍රතිසංස්කරණය කරන්නැයි සිසුන් කළ ඉල්ලීම ඉටු කරන මෙන් ජනාධිපතිවරයා යුද හමුදාපතිවරයාට උපදෙස් දුන්නේය.

අපේක්ෂක ශාන්ත බණ්ඩාර මහතා දඹදෙණිය සංවර්ධන පදනම් භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහභාගී වූහ.

අපනයන ඇන හිටීමෙන් කුඩා කර්මාන්තකරුවන් මුහුණපා ඇති දුෂ්කරතා පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කෙරිණ. ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳව නිර්නාමිකව ජනාධිපති කාර්යාලයට තොරතුරු යොමු කරන ලෙස ජනාධිපතිවරයා රැස්ව සිටි පිරිස කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් කීය.

අපේක්ෂක ටිකිරි බණ්ඩාර අධිකාරී මහතා පොල්ගහවෙල වීරඹුගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා රැස්ව සිටි ජනතාව සමග සුහද කථා බහක නිරත වූහ.

 

Post Views: 6
Previous Post

වජිරගෙන් නවීන්ට ටොක්කක්

Next Post

ළමුන් සඳහා ආරක්ෂිත පරිසරයක් අත්‍යවශ්‍යයි – ආරක්ෂක ලේකම්

editor

editor

Next Post

ළමුන් සඳහා ආරක්ෂිත පරිසරයක් අත්‍යවශ්‍යයි - ආරක්ෂක ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved