27 April 2024
#දේශීය

වජිරගෙන් නවීන්ට ටොක්කක්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන්ට අවශ්‍ය බවට එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය  නවීන් දිසානායක  විසින් පසුගියදා  කරන ලද ප්‍රකාශයට එම  පක්ෂයේම හිටපු අමාත්‍ය  වජිර අබේවර්ධන  විරෝධය පළ කරයි.

ඔහු පවසන්නේ පක්ෂයේ නායකයෙක් දැනට මේ වන විට සිටිනා නිසා එම කාරණය මේ මොහොතේ සාකච්ඡාවට ගත යුතු නැති බවය.

ගාල්ලේ දී මාධ්‍ය සිදුකළ කරුණු විමසීමකදී ඔහු මේ බව පැවසීය.

හිටපු අමාත්‍ය නවීන් සිදුකර ඇත්තේ අනවශ්‍ය නොමේරූ ප්‍රකාශයක් යයිද ඔහු කියා සිටියේය.

හිටපු අමාත්‍ය නවීන් දිසානායක පසුගිය ජන හමුවක් අවස්ථාවේ එජාප නායක රනිල්   වික්‍රමසිංහ ත් සිටින වේදිකාවේ කියා සිටියේ තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අවශ්‍ය බවත් ඒ සඳහා නායකතුමා ගේ සහයෝගය අවශ්‍ය නොවන බව ය. එසේම පක්ෂ නායක වීම දේශපාලනය කරන කාගේත් අපේක්ෂාව බවත් ඔහු පැවසීය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *